මෙරටට පැමිණෙන මගීන්ට අද සිට ‘ඩියුටි ෆ්‍රී’ භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව

නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් විවිධ රටවල සිට මව්රටට පැමිණෙන පිරිස් වෙත ගුවන් තොටුපොලේ පිහිටි තීරුබදු රහිත (ඩියුටි ෆ්‍රී) සාප්පුවලින් භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව උදා කරදී ඇතැයි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.

ඒ අනුව අද (2020 දෙසැම්බර් 01 වැනිදා) සිට මෙම  පහසුකම ලබා දී තිබේ. ඒ අනුව %මෙරටට පැමිණීමේදී භාණ්ඩ මිලදී ගෙන – නිවෙස් වෙත ගෙන්වා ගන්න (Shop On Arrival – Get Delivered) ලෙස මෙම ක්‍රමය ක්‍රියාත්මක කෙරී තිබේ.

තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසන ආකාරයට මෙහිදී නැවත මව්රටට පැමිණෙන මගීන්ට කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි තීරුබදු රහිත සාප්පුවලින් මෙම භාණ්ඩ ඇනවුම් කිරීමේ අවස්ථාව ඇත.

එහෙත් COVID-19 නිසා දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින සෞඛ්‍ය නිර්දේශ අනුව මෙම මගීන් වෙත එම භාණ්ඩ තමන් විසින්ම මිලදී ගෙන  රැගෙන යාමේ අවස්ථාව හිමි නොවේ.

 ඒ අනුව යම් මගියෙකු භාණ්ඩයක් තෝරා ගත් පසුව, එම භාණ්ඩ යම් නිශ්චිත ස්ථානයකදී භාර ගත හැකි පවුලේ ඥාතියෙකු/සහායකයෙකු පිළිබඳව නම් කළ යුතුව ඇත. ඒ අනුව අදාළ ඩියුටි ෆ්‍රී සාප්පුව මගින් එම පුද්ගලයා සම්බන්ධ කරගෙන එම භාණ්ඩය අදාළ ස්ථානය වෙත ප්‍රවාහනය කිරිමට කටයුතු යොදන බව  පවසයි. ඒ සඳහා අදාළ ඩියුටි ෆ්‍රී සාප්පුවල දුරකතන අංකද ලබා දී ඇත.

Views: 160