කොවිඩ් මර්දනය සඳහා සැකසුණු ICTA සැකසූ “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට
“සුවෙන් සිටිමු” (Stay Safe)QR කේතයක් මත පදනම් වේ. පහසුවෙන් භාවිත කළ හැකි සරල ක්‍රමවේදයකින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හඳුන්වාදීම ඊයේ සිදුව තිබේ.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (04) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් නව ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබීය.
කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි.
“සුවෙන් සිටිමු” (Stay Safe)QR කේතයක් මත පදනම් වේ. කොවිඩ් 19 වැළැක්වීමේ නිරත සියලු පාර්ශ්වයන්ට, වාණිජ හා රාජ්‍ය අංශයේ ආයතනවලට සහ සියලුම ජනතාවට පහසුවෙන් භාවිත කළ හැකි සරල ක්‍රමවේදයකින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
Staysafe.gov.lk වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය ගත හැකිය. ලබන සෙනසුරාදා (07) සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ස්මාට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඕනෑම ආයතනයක නම, ලිපිනය, හිමිකරුගේ නම සහ දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් දීමෙන් ඉතා පහසුවෙන් QR කේතය ගත හැකිය. එම කේතය මුද්‍රණය කර ආයතනයේ දොරටුවේ ප්‍රදර්ශනය කිරීමට හැකිය.
එසේම ස්මාට් ජංගම දුරකථනයක් ඇති හෝ නැති හෝ සියලුදෙනා ලියාපදිංචි කර ඔවුන් යන එන ස්ථාන හඳුනා ගනු ලැබේ. මේ පිළිබඳව සියලු මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනය පියවර ගනු ඇතැයිද පවසයි.
Views: 65