යුනිසෙෆ් ප්‍රධානීන් සහ ජපාන තානාපතිවරයා රාජ්‍ය අමාත්‍ය කබ්රාල් හමුවෙයි
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ මෙරට නියෝජිතයන් කිහිප දෙනෙකු සහ ජපාන තානාපතිවරයා පසුගියදා මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවී සාකච්ඡා කළ බව එම අමාත්‍යාංශය පවසයි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/10/UNICEF-1024x592.jpg)
ඒ අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) ශ්‍රී ලංකාවේ නියෝජිත ටිම් සටන් සහ එහි සමාජ ප්‍රතිපත්ති ප්‍රධානී ලුයිස් මොරෙයිරා ඩැනියෙල්ස් යන මහත්ම මහත්මීන් මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයා හමුවීමට පැමිණ තිබේ.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/10/Ambassador-of-Japan.jpg)
එසේම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතාද මුදල් අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත් වූ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 47