මුදල් ඇමතිගේ අත්සනින් යුත් අලුත් රු. 1000 නෝට්ටුව නිකුත් වෙයි
මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන සහ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතාගේ අත්සන්ද සහිත රුපියල් 1000ක වටිනාකමින් යුත් අලුත්ම මුදල් නෝට්ටුව එළිදැක්වීම ඊයේ සිදු විය.
එහිදී මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙම රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට නිල වශයෙන් පිළිගන්වා තිබේ. විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේදී මහ බැංකු අධිපතිවරයා අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම පිළිගැන්වීම සිදු කර තිබේ.
11 වැනි මුදල් නෝට්ටු කාණ්ඩය යටතේම මෙම අලුත් රුපියල් 1000 මුදල් නෝට්ටුව නිකුත් වී තිබේ. එහි නිකුත් කළ දිනය ලෙස සඳහන් වන්නේ 2019 දෙසැම්බර් 24 වැනිදාය. ‘සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැට්ටුවෝ’ යන්න එහි තේමාවයි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/09/1PMO9956-1024x621.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/09/1PMO9957-1024x571.jpg)
මෙම හමුවේදී අග්‍රාමාත්‍යතුමා සහ මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහක ද නිරත වූහ.
මේ අතර, 2020 වසරට යෙදෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මේ වසරේදී අලුතින් රුපියල් 20 කාසියක් සහ රුපියල් 2,000 මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමටද නියමිතව ඇති බව මහ බැංකුව මීට පෙර සඳහන් කර තිබුණි. ඒ අනුව දැනට පවතින 11 වැනි මුදල් නෝට්ටු මාලාව යටතේ රුපියල් 2,000 නව මුදල් නෝට්ටුව නිකුත් කිරීම සැලසුම විය.
පෙර ලිපිය
2020 දී රුපියල් 20 කාසියක්, රුපියල් 2,000ක මුදල් නෝට්ටුවක්
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 98