ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් හමුවෙයි
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ ආචාර්ය චෙන් චෙන් මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ දිනයේදී මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවී සාකච්ඡාවක් පැවැත් වූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ජ්‍යෙෂ්ට ආර්ථිකවිද්‍යාඥ උට්සව් කුමාර්, ප්‍රවාහන විශේෂඥ අරුණ නානායක්කාර, නාගරික අංශ විශේෂඥ කමල් දහනායක යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.



Hits: 57