උතුරු කොළඹ නවමුතුවැල්ල උමං මාර්ගයේ ඉදිකිරීම් සමාප්ත වෙයි
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/06/obe-dinwima-main-1024x205.jpg)
උතුරු කොළඹ ප්‍රදේශයේ කාලාන්තරයක් පැවැති ගංවතුර තත්ත්වය පාලනය කිරීම උදෙසා ස්ථීර විසඳුමක් ලෙස නවමුතුවැල්ල උමං මාර්ගය ඉදි කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ අද 2020.08.21 දින සමාප්ත කෙරුණු බව අගමැති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. අලුත් මාවත ප්‍රධාන ඇල මාර්ගයට සම්බන්ධ කර ආරම්භ වන මෙම උමං මාර්ගය නව මුතුවැල්ල ප්‍රදේශය හරහා භූගතව ගමන් කර මුතුවැල්ල ධීවර වරාය අසලින් මුහුදට විවෘත වේ.
අද දින සමාප්ත වූ උමං මාර්ගයේ දිග මීටර් 778 කි. විශ්කම්බය මීටර් 3ක් වන මෙම උමං මාර්ගයේ ඇතුළත ඝන කොංක්‍රීට් ආස්තරණයකි. මෙම ව්‍යාපෘතිය අවසානයේ භූගත උමං මාර්ගයක් ලෙස තත්ත්පරයට ජලය ලීටර් 15000 ක් මුහුදට මුදා හැරීමට නියමිතය.
නව මුතුවැල්ල උමගේ ඉදිකිරීම් කටයුතු චයිනා පෙට්‍රෝලියම් පයිප් ලයින් ඉංජිනියරින් කම්පැනි ලිමිටඩ් විසින් සිදු කරයි. ඉදිකිරීම් අධීක්ෂණය යූෂිං ඉංජිනියරින් කෝපරේෂන් ලිමිටඩ් විසිනි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/08/118002527_2562710994040825_3880700673524926114_o.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/08/118045985_2562711030707488_247444303080164161_o.jpg)
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා, ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ-වේ මහතා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව තිබේ.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 63