‘මයිකෝලා’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර එකඟතාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල කාබනීකෘත පානයන් සදහා වන හවුල්කාරීත්වය සම්බන්ධයෙන් ‘මයිකෝලා’ නිෂ්පාදන ගෙන එන සීමාසහිත මයිකෝලා බෙවරේජස් (පෞද්) සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම්ගතවීමක් ඊයේ (ජූලි 01) සිදු විය.
ඒ අනුව 2020 ජුලි 01 වැනිදා සිට වසර තුනක කාලයක් මයිකෝලා සන්නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල බීම සැපයුම්කරුවා ලෙස පත්ව තිබේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, මයිකෝලා බෙවරේජස් (පෞද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නීතීඥ මහින්ද පෙරේරා, මයිකෝලා බෙවරේජස් (පෞද්) සමාගමේ විධායක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ ෂ්‍යාම් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග යන මහත්වරුන් සහභාගි වී සිටියහ.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/07/Eb5vMi6UcAYacto-1024x886.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/07/Eb5vOopUMAIbHlt-1024x683.jpg)
මෙහිදී අදාළ ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සහ මයිකෝලා බෙවරේජස් (පෞද්) සමාගමේ විධායක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ ෂ්‍යාම් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සිදු විය.
සියයට සීයක් දේශීය සමාගමක් වන මයිකෝලා සමාගම වසර 25ක් පුරා දේශීය වෙළදපලේ ප්‍රමුඛතම සිසීල් බිම නිෂ්පාදන සමාගමක් ලෙස පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගෙන සිටින බව පවසයි.
එසේම සිය නිෂ්පාදන කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව සිදුකිරිමට අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි මයිකෝලා සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරි ෂාම් ප්‍රනාන්දු මහතා මීට පෙර සඳහන් කර තිබුණි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 34