ද ෆිනෑන්ස් හවුස් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා සුනිල් ජයවර්ධන ඝාතනය හෙළා දකියි

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි  මූල්‍ය සමාගම් 41ක එකතුවකින් සැදුම්ලත් ද ෆිනෑන්ස් හවුස් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA), පසුගියදා සිදු වුණු ශ්‍රී ලංකා ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති, සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය තරයේ හෙළා දකින බව පවසයි.

සුනිල් ජයවර්ධන මහතාගේ මෙම ඝාතනය වංචනික මූල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන සදාචාර විරෝධී ක්‍රියාවන්ට උදාහරණයක් වන අතර, සිද්ධියට සම්බන්ධ නීති විරෝධී මූල්‍ය ආයතනයක් වන Chanmil Investment (pvt) Ltd සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතනයක් බවද ෆිනෑන්ස්  හවුස් ඇසෝෂියෙන් ඔෆ් ශ්‍රී ලංකා පවසයි.

එසේම එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගම් 41 සමග කිසිදු සම්බන්ධයක් නොපවත්වන අතර, ද ෆිනෑන්ස් හවුස් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා වෙත කිසිදු අයුරකින් අනුයුක්ත කර නොමැති බවත් පවසයි.

එ නිසා මෙම වංචනික මූල්‍ය ආයතනය විසින් සිදු කරන ලද ක්‍රියාව හා ඒ හේතුවෙන් ඇති වූ ඛේදනීය තත්ත්වය ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා තරයේ හෙලා දකිනු ලබන බවද ඔවුන් නිවේදනයක් මගින් සඳහන් කරයි.

Views: 69