ජනපති යළිත් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් සහාය ඉල්ලයි

ජනපති යළිත් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් සහාය ඉල්ලයි

කෝවිඩ් 19 වසංගතය නිසා දැඩි ආර්ථික අවදානමකට ලක්ව ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතවලින් යළිත් වරක් ඉල්ලා සිටි බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

ඊයේ ජනපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග දුරකතනයෙන් කථා කළ අවස්ථාවේදී ජනාධිපතිතුමා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන වෙත පවසන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

එහිදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් මෙහිදී ඒ සඳහා එකඟ කර දෙන්නැයිද ජනපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවසා ඇත.

විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළෙඳ පොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කර තිබේ.

Views: 37