COVID 19 න් වැළැකීමට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පිරිසිදු කරයි

COVID 19 න් වැළැකීමට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පිරිසිදු කරයි

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින COVID 19 වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ දැවැන්ත පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන්නට කටයුතු යෙදූ බව එහි බලධාරීන් පවසයි.

පසුගිය මාර්තු 03 වැනිදා මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිදුව තිබේ. මේ සඳහා ගුවන් තොටුපොළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවකයන් 200 දෙනෙකුට වැඩි පිරිසක් සම්බන්ධවී සිට තිබේ, එහිදී පර්යන්ත ගොඩනැගිල්ල සහ ඊට අයත් අනෙකුත් උපසේවා සපයන ප්‍රදේශද පිරිසිදු කිරිමකට ලක් කෙරුණු බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පවසයි.

විශේෂයෙන්ම මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන එස් 5 සංකල්පයේ එන අවසන් සංකල්ප දෙක වන “Seiketsu” (සම්මතකරණය) සහ “Shitsuke”(ශික්ෂණය සහ පුහුණුව) යන කරුණු මූලික කරගනිමින් පැවැත්වූ බවත් ගුවන් තොටුපොළ බලධාරීන් සඳහන් කරයි.

මේ වනවිට ලොව පුරා රටවල් 80කට වැඩි සංඛ්‍යාවක මෙම COVID 19 වෛරසය ව්‍යාප්ත වී ඇති අතර, එය පුද්ගලයන් 95,000කට පමණ ආසාදනය වී ඇත. ඉන් පුද්ගලයන් 3,200 ක් මේ වනවිට ජිවිතක්ෂයට පත්ව තිබේ.

Visits: 38

Leave a Reply

Your email address will not be published. Required fields are marked *