සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී ෂරියා ගනුදෙනු පිළිගත් කැන්ඩොර් ඇසෙට් මැනේජ්මන්ට් මිලදී ගනියි

සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී ෂරියා ගනුදෙනු පිළිගත් කැන්ඩොර් ඇසෙට් මැනේජ්මන්ට් මිලදී ගනියි

ඊගල් ප්‍රොප්‍රියර්ටරි ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් (Eagle Proprietary Investment Limited) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය පැවැති කැන්ඩෝර් ඇසෙට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම රුපියල් මිලියන 26.7ක මුදලකට මිලදී ගත් බව සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඊයේ කොටස් වෙළෙඳ පොළ වෙත කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව 2020 මාර්තු 04 වැනිදා සිට කැන්ඩෝර් ඇසෙට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමක් බවට පත්වන බව එම සමාගම සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා විනිමය සහ සුරැකුම්පත් කොමිසමේ ලියාපදිංචි සහ නියාමනයට යටතේ පැවැති කැන්ඩෝර් ඇසෙට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම වසර 25කට අධික කාලයක් පුරා අත්දැකීම් සහිත සමාගමක් බව එය අයත් කැන්ඩෝර් හෝල්ඩිංග්ස් සමාගමේ වෙබ් අඩවිය තුළ සඳහන්ව ඇත.

එහිදී ඒකක භාර අරමුදල් සහ පෞද්ගලික අරමුදල් ඇතුළුව සාමාන්‍ය අරමුදල් සහ ෂරියා නීතිය යටතේ පිළිගන්නා අරමුදල්ද කළමනාකරණය කෙරෙන බව එම සමාගම පවසා සිටියි.

එම සමාගම සතු අරමුදල් යටතේ Candor Growth Fund, Candor Money Market Fund, Candor Opportunities Funs, Amana Candor Shariah Income Fund සහ Amana Candor Shariah Balanced Fund යනාදී ලෙස අරමුදල් කළමනාකරණ සේවා සපයා තිබේ.

කැන්ඩෝර් ඇසෙට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම සතු මෙම අත්දැකීම් සහ විශේෂඥතාවයේ ප්‍රතිඵල ලෙස 2015 වසරේදී මෙරට අරමුදල් කළමනාකරණයේ මුල් පෙළේ සමාගම් හතර අතරට පත්වීමට හැකි වූ බවත් ඔවුන් පවසයි. 

එසේම 2014 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය සඟරාවක් මගින් සිය සමාගම ෂරියා අරමුදල් සම්බන්ධයෙන් ලබාදුන් දායකත්වය හේතුවෙන් “ශ්‍රී ලංකාවේ පවතින හොඳම ඉස්ලාමීය වත්කම් කළමනාකරණ සමාගම ලෙස තමන් පිළිගත් බවත් ඔවුන් සිය වෙබ් අඩවියේ සඳහන් කර සිටියි.

Visits: 183

Leave a Reply

Your email address will not be published. Required fields are marked *