ස්ටේඩියම් ගම නිවාස 1,000ක කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉන්ජිනියරින් පීඑල්සී වෙත

ස්ටේඩියම් ගම නිවාස 1,000ක කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉන්ජිනියරින් පීඑල්සී වෙත

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනතාවගේ නිවාස අවශ්‍යතාවන් සහ සඳහා පහසුකම් සැලසීම යටතේ සිදු කරන ස්ටේජියම්ගම නිවාස ව්‍යාපෘතිය ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම වෙත පැවරීමට රජය තීරණය කර ඇත. 

නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයාද වන අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම කොන්ත්‍රාත් ප්‍රදානය සිදු වී තිබේ. මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 5,950 කි. 

මෙහිදී වර්ග අඩි 550ක් බැගින් වූ නිවාස 1,000ක් ඉදිකිරීමට සැලසුම වී ඇත. එහිදී මෙම නිවාස 1,000 සැලසුම් කර ඉදිකිරීම ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී වෙත හිමිව තිබේ. ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය අනුව මෙම ප්‍රදානය සිදුව ඇතැයි පැවසෙයි.

2010 වසරේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජනතාවගේ නිවාස අවශ්‍යතාවයන් සඳහා පහසුකම් සැලසීම පිණිස ඇරඹූ “කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය” යළිත් වරක් ආරම්භ කර ඇතැයි රජය පවසයි.

එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල්වලින් කොටසක් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ලබා ගන්නා ණය මුදලකින් යෙදවෙන බවත්, ඒ යටතේ ස්ටේඩියම් ගම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Visits: 248

Leave a Reply

Your email address will not be published. Required fields are marked *