ගුවන් හමුදා පාපැදි සවාරියේ බර සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් කරට ගනී

ගුවන් හමුදා පාපැදි සවාරියේ බර සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් කරට ගනී

අද පෙරවරුවේදී ආරම්භ වුණු ගුවන් හමුදා පාපැදි සවාරිය 2020 මෙවර ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහය විසින් සිදු කරයි. එහිදී සොෆ්ට්ලොජික් මැක්ස් පෞද්ගලික සමාගම නිල ගෘහ විදුලි උපකරණ සඳහා අනුග්‍රහයත්, ආසිරි රෝහල් සමූහය නිල සෞඛ්‍ය සේවා සහකරු ලෙසත්, සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම නිල රක්ෂණ සේවය ලෙසත් අනුග්‍රහය ලබා දෙන බව පැවසෙයි. 

සෑම වසරකම මාර්තු මස 02 වැනිදාට යෙදෙන ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව වසර 21 ක් පුරා මෙම පාපැදි සවාරිය සංවිධානය කරයි. ගුවන් හමුදාව මේ වසරේදී සිය 69 වැනි සංවත්සරය සමරනු ලබයි. 

මේ වසරේදී මාර්තු 05 වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වා පෙරවරු 8 සිට දහවල් 1 දක්වා මෙම ගුවන් හමුදා පාපැදි සවාරිය පැවැත්වෙයි.

අද දිනයේදී කොළඹ ගුවන් හමුදා මූලස්ථානයෙන් ආරම්භ වී මහනුවරින් අවසන් වන පිරිමි පාපැදි තරගයේ පළමු දිනයේ විස්තරද මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ලබා දෙන්නට සොෆ්ට්ලොජික් හෝල්ඩිංස් කටයුතු යොදමින් සිටියි.

ගුවන් හමුදා පාපැදි සවාරිය 2020 දෙවැනි දිනය වන හෙට දිනයේදී තරගය මහනුවරින් ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් නිමාවට පත්වෙයි. තෙවැනි දිනයේදී එය වවිනියාව හරහා අනුරාධපුරයට ගොස් එහිදී මෙවර තරගය නිමාවට පත් කරයි.

මෙම පිරිමි පාපැදි තරගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 445ක් වන අතර මේ සඳහා දෙස් විදෙස් පාපැදි තරගකරුවන් 100 කට අධික ප්‍රමාණයක් සහභාගිවීමට නියමිත බව ගුවන් හමුදාව පවසයි.

එසේම මාර්තු 07 වැනිදා පැවැත්වෙන කාන්තා පාපැදි තරගය සඳහා 30 දෙනෙකුට අධික තරගකාරියන් පිරිසක්ද සහභාගිවීමට නියමිතව ඇත.

තරගයේ ත්‍යාග ප‍්‍රදානෝතසවය 2020 මාර්තු මස 07 වන දින සවස 1800 පැයට අනුරාධපුර පොදු ක‍්‍රීඩාංගනයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

Visits: 38

Leave a Reply

Your email address will not be published. Required fields are marked *