ඩයලොග් සමාගම “සයුරු” දියත් කරයි

ඩයලොග් සමාගම “සයුරු” දියත්  කරයි

වෙරළාසන්න කලාපයේ වෙසෙන ධීවර ප්‍රජාවට එස්.එම්.එස්. සහ හඬ පණිවුඩ පදනම් කරගත් නව කාලගුණික සහ අනතුරු ඇඟවීමේ සේවාවක් දියත් කිරීමට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම පසුගියදා කටයුතු යොදා තිබේ. භාෂා ත්‍රිත්වයෙන් නොමිලේ ක්‍රියාත්මක මෙම සේවාව “සයුරු” ලෙස නම් කර තිබේ. 

ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව සහ ඩයලොග් ආසිආටා සමාගම එක්ව මෙම නව “සයුරු” සේවාව සකස් කර ඇත. පසුගියදා තංගල්ල ධීවර වරායේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සේවාව නිල වශයෙන් දියත් කිරීම සිදුව තිබේ. 

මෙම “සයුරු” සේවාව මගින් ධීවර ප්‍රජාව වෙත ස්ථානය සහ කාලගුණය පදනම් කරගත් නිවැරදි තොරතුරු ලබා දෙන බව ඩයලොග් සමාගම පවසයි. එහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මේ සඳහා අවශ්‍ය අන්තර්ගතය සපයයි.

විශේෂයෙන්ම ධීවර කර්මාන්තය වෙත මෙම කාලගුණික තත්ත්වයන් පිළිබඳ තොරතුරු අත්‍යශ්‍ය බව පෙන්වා දෙන ඩයලොග් සමාගම, ඔවුන්ගේ ජීවිත අවදානම අවම කරමින් නිවැරදි තොරතුරු සහ නිවේදන ක්ෂණික සන්නිවේදනය කිරීමේ අරමුණින් “සයුරු” හඳුන්වාදෙන බව සඳහන් කරයි.

මෙහිදී තමන් සිටින ස්ථානය පදනම් කරගනිමින් යාවත්කාලීන වූ කාලගුණ තොරතුරු සහ අනෙකුත් නිවේදන එස්.එම්.එස්. හා හඬ පණිවුඩ හරහා ධීවරණ ප්‍රජාවට ලබාදීමට මෙම පද්ධතිය සකස් කර ඇත.නොමිලේ ලබා දෙන මෙම සේවාවට ලියාපදිංචි වීම සඳහා ඩයලොග් ග්‍රාහකයන් “828” ඇමතිය යුතු අතර, නැතිනම් “ACT” ලෙස ටයිප් කර “828”ට යොමු කළ හැකි බවත්, එසේ නොමැති නම් My Dialog ඇප් වැඩසටහන හරහා එය සක්‍රීය කරගත හැකි බවත් ඩයලොග් ආසිආටා සමාගම සඳහන් කරයි.

Visits: 22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *