උතුරු හා උතුරු මැද පළාත්වල ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම රු. 60,000 දක්වා ඉහළට

උතුරු හා උතුරු මැද පළාත්වල ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම රු. 60,000 දක්වා ඉහළට

විවිධ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙතින් ලබා ගෙන ඇති ණය මුදල් නිසා දරුණු ලෙස ණයගැතිභාවයට පත්ව සිටින උතුරු හා උතුරු මැද පළාත්වල අඩු ආදායම්ලාභී ග්‍රාමීය ජනතාව එම ණය උගුලෙන් මුදවා ගැනීමේ පහසුකම් සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

ඒ අනුව මෙම ණය පහසුකම් යටතේ දැනට ලබා දෙන උපරිම ණය සීමාව එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 60,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත. මීට පෙර එම ණය සීමාව 40,000ක් ලෙස පැවතුණි.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමගම මෙම අවස්ථාව උදා වී ඇතැයි රජය පවසයි. මෙහිදී සමූපකාර ග්‍රාමීය බැංකු සහ සකසුරුවම් හා ණය ගනුදෙනු සමූපකාර සමිති මාර්ගයෙන් අදාළ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා දැනටමත් රුපියල් මිලියන 542 ක් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කර ඇතැයිද රජය සඳහන් කරයි. එසේම එම ණය යෝජනා ක්‍රමය චක්‍රීය අරමුදලක් ලෙසද ක්‍රියාත්මකව පවතී.

පෙර ලිපිය: උතුර සහ උතුරු මැද ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය ගන්නේ 250% පොළියටලු

Visits: 51

Leave a Reply

Your email address will not be published. Required fields are marked *