හෙට දිනයේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඇරඹීමේ සීනු නාදය කොමර්ෂල් බැංකුවෙන්

හෙට දිනයේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඇරඹීමේ සීනු නාදය කොමර්ෂල් බැංකුවෙන්

මෙරට විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව ලෙස සැලකෙන කොමර්ෂල් බැංකුව (කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී) සමාගම සිය ශත සංවත්සරය සැමරීම නිමිත්තෙන් හෙට පෙරවරුවේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීම සිදු කරන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

ලංකාවේ ඊස්ටර්න් බැංකුව (Eastern Bank of Ceylon) ලෙස 1920 වසරේ චැතම් වීදියේදී මෙම කොමර්ෂල් බැංකුව ආරම්භ වී තිබේ. පසුව මෙම බැංකුවේ කොටස් හිමිකම් 1930 සහ 1940 දශකයේදී බාර්ක්ලේස් (Barclays) බැංකුව වෙත සතු විය. අනතුරුව 1957 වසරේදී එම බාර්ක්ලේස් බැංකුව සතු ඊස්ටර්න් බැංකුවේ කොටස් සහ සසූන් පවුලේ කොටස් චාර්ටර්ඩ් බැංකුව (Chartered Bank) වෙත පැවරීම සිදු විය. 

එහි ප්‍රතිඵලයක් ලෙස 1969 වසරේදී Commercial Bank of Ceylon බිහි විය. 1971 වසරේදී චාර්ටඩ් බැංකුව මගින් එහි සියලු කෙටස් අත්පත් කර ගැනීමට පෙරාතුව ඊස්ටර්න් බැංකුව සතුව එහි කොටස් හිමිකමින් 40%ක් පැවතී තිබේ.

ආරම්භයේදී රුපියල් මිලියන 67ක වත්කම් පදනමක් තිබූ කොමර්ෂල් බැංකුව සතුව 2019 සැප්තැම්බර් 30 වැනිදා වනවිට රුපියල් ට්‍රිලියන 1.370ක වත්කම් තිබෙන බව පවසයි. එසේම ඔවුන් සිය තැන්පතු පදනම රුපියල් මිලියන 51 සිට රුපියල් ට්‍රිලියන 1.047ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව ඇත. 

එසේම ඔවුන් සිය ණය ලබා දීම් රුපියල් මිලියන 43 සිට බිලියන 900 දක්වා වර්ධනය කරගෙන ඇත. මීට අමතරව ඔවුන්ගේ දළ ලාභය රුපියල් 37,458 සිට රුපියල් බිලියන 11.518ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව සිටින බවත් කොමර්ෂල් බැංකු වෙබ් අඩවිය පවසයි.

Visits: 145

Leave a Reply

Your email address will not be published. Required fields are marked *