JAT Holdings වෙතින් කොටසකට ශත 25 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත JAT Holdings PLCසමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහා රුපියල් ශත 25ක් බැගින් මෙම ලාභාංශ ගෙවීමට තීරණය කෙරී තිබේ.

මෙහිදී 2021/2022 මූල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව JAT Holdings PLC සමාගම පවසයි. එසේම මෙය එම මූල්‍ය වර්ෂය වෙනුවෙන් සිදු කරන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන පෙබරවාරි 28 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස පෙබරවාරි 07 වැනිදා නම් කෙරී තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්දයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් එම සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Views: 109