Evolution Auto මෙරට වෙත නව විදුලි වාහන පෙළක් හඳුන්වා දෙයි

මෙරට ගමනාගමන ක්ෂේත්‍රයේ තිරසාරත්ව මෙන්ව විප්ලවී වෙනසක් සිදුකරමින් Evolution Auto සමාගම සිය පෙරළිකාර විදුලි වාහන (EV) නිෂ්පාදන පෙළ හඳුන්වාදීම පසුගියදා සිදුවිය.

මෙම Evolution Auto සමාගම Sensei Capital Partners, Atman Group සහ Sino Lanka Private Limited යන ආයතන ත්‍රිත්වයේ පුරෝගාමී හවුල්කාරීත්වයෙන් ඇරඹුණු ව්‍යාපාරයකි.

මෙම නවතම හඳුන්වාදීම් මගින් ශ්‍රී ලාංකීය ජනතාවගේ ගමනාගමනයේ සුවිශේෂ පරිවර්තනයක් සිදු කරමින්, පාරිසරික තිරසරභාවය සහ ආර්ථික සංවර්ධන කාර්යයට සහාය වීම අරමුණ බව එම සමාගම පවසයි.

ඒ අනුව තිරසාර සංචලනයන් වර්ධනය කිරීමේ දැක්ම තුළින් ආරම්භ කරනු ලැබූ Evolution Auto ආයතනය, ලොව ප්‍රකට විද්‍යුත් මොටර් රථ සන්නාම කිහිපයක සමඟ සම්බන්ධව ඇත.

මෙලෙස හඳුන්වා දුන් නව EV රථ පෙළ යටතේ ඉහළ විශ්වසනීයත්වය සහ කාර්ය සාධනය සමඟින් මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉන්දියාවේ වැඩියෙන්ම අළෙවි වන Mahindra Treo ත්‍රිරෝද රථය, අති නවීන තාක්ෂණය සහ උසස් කාර්ය සාධනය ඒකාබද්ධ කරමින් නිපදවනු ලැබූ ඉන්දියාවේ පැරණිතම සහ වඩාත් ස්ථාපිත ඊ ස්කූටරය වන Ather Electric ස්කූටර සහ අසීමාන්තික තිරසාරත්වය සහ බල මිශ්‍රණයක් ලබාදෙන ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය විද්‍යුත් යතුරුපැදි සන්නාමය වන Revolt නිෂ්පාදන ඇතුළත්‌ වේ.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්  Evolution Auto හි සාමාන්‍යාධිකාරී සහරාන් මහතා, “Evolution Auto හි අපගේ මෙහෙවර වන්නේ පරිසර හිතකාමී විදුලි සංචලනය සැමට ප්‍රවේශ විය හැකි සහ කාර්යක්ෂම කරමින් ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනය සඳහා පුරෝගාමී වීමයි” යනුවෙන් පවසා සිටියි.

Views: 0