වසර පහක් තුළ යාවත්කාලීන වූ Galaxy Buds

ලොව පිළිගත් තාක්ෂණික විශිෂ්ටයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සෑම විටම නවෝත්පාදනයක් සිය පාරිභෝගියා වෙත ඉදිරිපත් කිරීමට සමත්ව සිටියි. වෙළෙඳපොලට හඳුන්වා දී ඇති එහි නවතම Galaxy Buds නිෂ්පාදන පෙළ එම නව්‍යකරණයේ විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කිරීමට සමත්ව ඇත්තේ සැබෑ ශබ්ද රසයක් පාරිභෝගික දෙසවනට එක් කරමිනි.

2019 වසරේදී හඳුන්වා දුන් wireless ear buds ක්ෂේත්‍රයේ සුවිසල් දියුණුවක් සමඟින් ශබ්ද රසය විඳීමේ කලාව නව්‍යකරණයට ලක් කිරීමට Galaxy Buds සමත්ව ඇත.

2019 වසරේදී හඳුන්වා දුන් Galaxy Buds හි සුවිශේෂී ලක්ෂණය වන්නේ ගුණාත්මකභාවයෙන් යුතු සුපැහැදිලි ශබ්ද රසයක් ගෙන ඒමට සමත්වීමයි. ඒ සඳහා Harman Kardon සන්නාමයෙහි අනු සන්නාමයක් වන AKG සුවිශේෂී එකෝස්ටික් සන්නාමය භාවිත කර ඇති Galaxy Buds ඊට Adaptive Dual Microphone තාක්ෂණය භාවිත කරමින් අවට ශබ්දවලින් බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය දේට පමණක් සවන් දීමේ හැකියාව සහතික කර ඇත.

එහෙයින් පරිශීලකයින් හට අධික ශබ්ද සහිත ස්ථානයකදී වුවද සුපැහැදිලි ශබ්ද රසය විඳීමේ හැකියාව උදා වෙයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ පරිශීලකයින්ට Galaxy Buds එක් වරක් charge කිරීමෙන් පැය හයක් දක්වා සංගීතය රසවිඳීමටත් එහි ආකර්ෂණීය හා ආරක්ෂිත charge කිරීමේ හැකියාවෙන් යුත් කවරය මගින් අමතර පැය 7ක කාලයක් ද සංගීතය රස වින්දනය කිරීමේ හැකියාවත් සහිතව හඳුන්වා දී තිබීමයි. මීට අමතරව Galaxy Buds, Wireless PowerShare සඳහා ද සහය දක්වයි.

2020 පෙබරවාරි මසදී වෙළෙඳපොලට Galaxy Buds+ හඳුන්වා දුන් සැම්සුන් ආයතනය ඒ තුළින් ශබ්දයේ ගුණාත්මක බව තව දුරටත් ඉහළ නැංවීමට සමත් වූයේ ආකර්ෂණීය නාද රටාවන් සඳහා වූ tweeter සහ woofer යොදා ගනිමිනි. මයික්‍රෆෝන 3ක් එක් කරමින් වැඩි දියුණු කළ සන්නිවේදන හැකියාවන් ලබා  දී ඇති Galaxy Buds+ එක් වරක් charge කිරීමෙන් පැය 11ක් දක්වා අඛණ්ඩව භාවිත කිරීමේ හැකියාවෙන් යුක්තය. එසේම Android සහ iOS devices දෙවර්ගය සඳහාම මෙය යොදා ගැනීමට හැකිවීමද තවත් පහසුවක් ලෙස සඳහන් කළ හැකිය.

ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත wireless earbuds සඳහා වූ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එම අවශ්‍යතාවය සපුරාලීමට සැම්සුන් 2021 වසරේ ජනවාරි මසදී Galaxy Buds Pro වෙළෙඳපොලට හඳුන්වා දුන්නේය.Active Noise Canceling (ANC) තාක්ෂණය භාවිත කරමින් පසුබිම් ශබ්දය මනාව පාලනය කරමින් ඉතා සුපැහැදලිව ශ්‍රවණය කිරීමේ හැකියාව සහිත මෙම උපාංගය බාහිර ශබ්ද කිසිවකින් පරිශීලකයාට බාධාවක් එල්ල නොවන අයුරින් සංගීතය රස විඳීමට සකසා ඇත. Galaxy Buds Pro හි dual speaker පද්ධතිය මගින් උසස් තත්වයේ ශ්‍රව්‍ය අත්දැකීමක් මෙන්ම වඩාත් සුපැහැදිලි ඇමතුම් ලබා ගැනීමට පරිශීලකයින්ට හැකියාව ඇත. මීට අමතරව,earbuds නිර්මාණය කිරීමේදී ප්‍රතිචක්‍රීයකරණය කරන ලද පොලිකාබනේට් (polycarbonate) වැනි ද්‍රව්‍ය ඇතුළත් කිරීමෙන් පාරිසරික තිරසාරභාවය සඳහා වූ සැම්සුන් සමාගමේ කැපවීම ද මින් මනාව පෙන්නුම් කරයි.

2021 අගෝස්තු වන විට සැම්සුන් විසින් කුඩා, සැහැල්ලු එහෙත් ශක්තිමත් ක්‍රියාකාරීත්වයක් සහිත Galaxy Buds2 හඳුන්වා දුන්නේය. එහි ඇති dual speaker පද්ධතිය,Active Noise Canceling තාක්ෂණය සහ ඇමතුම්වල පැහැදිලිතාවය වැඩිදියුණු කරනු ලබන උසස් තාක්ෂණය මගින් දුරකතන ඇමතුම් අතරතුර පසුබිම් ශබ්දය ඵලදායි ලෙස අවහිර කර පරිශීලකයින්ට පැහැදිලි දුරකතන ඇමතුම් සහතික කරයි. තවද ප්‍රමාණ 3කින් යුත් ear tips සහ පරිශීලකයින්ට ගැලපෙන earbuds සොයා ගැනීම පහසු කරවන Earbud Fit Test එකකින් ද Galaxy Buds2 සමන්විත වේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ Auto Switch විශේෂාංගය තුළින් Earbuds විසන්ධි නොකර වෙනත් Galaxy උපාංග අතර බාධාවකින් තොරව සම්බන්ධතාව මාරු කිරීමේ අවස්ථාව සළසා දීමයි.

2022 අගෝස්තු මාසයේදී සැම්සුන් විසින් හඳුන්වා දෙනු ලැබුවේ Galaxy Buds2 Pro ඡරද උපාංගයයි. එතෙක් Galaxy Buds පැවති නිෂ්පාදනවල වඩාත් සුපැහැදිලි හා ආකර්ෂණීය ශබ්ද රසය ඉහළ නැංවීමට Galaxy Buds2 Pro සමත් වූයේ High-Dynamic Range සහ wireless 24-bit high fidelity ශබ්ද තාක්ෂණයන්ද ඊට එක් කරමිනි. ස්මාර්ට් ජංගම දුරකතන මඟින් පටිගත කළ වීඩියෝ පටවල ශබ්දය මනාව ග්‍රහණය කර ගැනීමේ හැකියාව මෙහි ඇති විශේෂත්වයක් වන අතර ඇමතුමකදී සැණෙකින් සැම්සුන් TV හෝ ඒ හා සම්බන්ධ වෙනත් ස්මාර්ට් ජංගම දුරකතනයකට මාරු වීමේ හැකියාවද ඇමතුමෙන් පසු නැවත රූපවාහිනිය නැරඹීමේ පහසුවද Galaxy Buds2 Pro වෙතින් පාරිභෝගිකයින්ට ගෙන එන ලදී.

මේ සියලු උපාංග තුළින් ලද අත්දැකීම් තුළින් පසුගිය පෙබරවාරි මසදී සැම්සුන් Galaxy Buds නිෂ්පාදන පෙළ සඳහා update කිරීමක් සැම්සුන් සමාගම ගෙන එන ලදී. මෙම update කිරීමත් සමඟ Galaxy S24 හි AI තාක්ෂණය පෙර මාදිලියේ Galaxy Buds සඳහා ද ගෙන එමින් ඒවායෙහි ක්‍රියාකාරීත්වය ඉහළ නංවමින් පරිශීලකයින්ට බාධාවකින් තොරව අසමසම වින්දනයක් ලැබීම අවස්ථාව උදා කර දීමට සැම්සුන් කටයුතු කර ඇත.

Views: 0