“දේශීය සයිබර් තර්ජනයන් ශ්‍රී ලාංකේය ව්‍යාපාර දැඩි අවදානමට ලක් කරනවා” – Kaspersky පවසයි

ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන හා ආයතනයන් ඉලක්ක කරගනිමින් 2023 වසරේදී දේශීය සයිබර් තර්ජන එල්ල වී ඇතැයි ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන Kaspersky පවසයි. සිය නවතම දත්තයන්ට අනුව එම සමාගම මේ බව සඳහන් කර සිටියි.

ඒ ආකාරයෙන් ව්‍යාපාර වෙත එල්ල වූ දේශීය තර්ජන 1,000,000ක ප්‍රමාණයක් පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අවහිර කරමින් ආරක්ෂා කිරීමට Kaspersky සමත් වී තිබේ. 

මෙහිදී දේශීය තර්ජනයන් පිළිබඳ පරිශීලක පරිගණකවල අන්තර්ගත සංඛ්‍යාලේඛන සමස්ත සයිබර් තර්ජනයන්හි වැදගත් සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. තර්ජනයට ලක් වූ ලිපි ගොනු හෝ ඉවත් කළ මාධ්‍ය, ඉලක්කගත පරිගණකට විවෘත නොකළ හැකි ආකාරයෙන් ඇතුළත් වූ දේ (සංකීර්ණ ස්ථාපන වැඩසටහන්, සංකේතාත්මක ලිපි ගොනු වැනි දේ) මීට අයත් විය හැකිය.

Kaspersky security solutions මඟින් hard drive හි නිර්මාණය කරන ලද හෝ ප්‍රවේශ වූ ලිපි ගොනු scan කිරීමේ මෙන්ම ඉවත් කළ හැකි දත්ත ගබඩා කර ඇති මාධ්‍යයන් scan කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සංඛ්‍යාලේඛන ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් එක් කළ Kaspersky හි අග්නිදිග ආසියාවේ හා සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල සාමාන්‍යාධිකාරී Yeo Siang Tiong මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය හැරුණු විට, කාර්මීකරණය හා නිෂ්පාදනයන් තුළින් සිය ආර්ථිකය පරිවර්තනයකට ලක් කරමින් සිටිනවා. රටේ දළ දේශීය නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති මෙම අංශ ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් දාමය වෙත ඇතුළත් කිරීමට සමත්ව සිටිනවා. මෙම තත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ හා OT පද්ධති මත කටයුතු කරන සංවිධාන, පැරණි තාක්ෂණික ක්‍රමයන් හා උපක්‍රමයන් භාවිත කරමින් නවීන ප්‍රහාරයන්ට ඓරෙහි සයිබර් ආරක්ෂාව ඇති කර ගක යුතුයි” යනුවෙනි.

දේශීය ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීමට ප්‍රහාරයට ලක් වූ දේවල් නැවත යථා තත්වයට පත් කිරීමේ හැකියාව සහිත ආරක්ෂක විසඳුමක් පමණක් නොව anti-rootkit ක්‍රියාකාරීත්වය සහ ඉවත් කළ හැකි උපාංග පාලනය කිරීමේ firewall එකක් අවශ්‍ය වේ.

ගොනු හෝ ඉවත් කළ හැකි මාධ්‍ය වෙත malware මෘදුකාංග ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශක්තිමත් ආරක්ෂක විසඳුම් සහිත පද්ධති ස්කෑන් කිරීම සිදු කළ යුතුය. Kaspersky Endpoint Security මඟින් malware මෘදුකාංග සඳහා ඔබේ පරිගණකයට සම්බන්ධ වෙමින් ඉවත් කළ හැකි ධාවකයන් scan කිරීමට ආයතනයන්ට හැකියාව ලබා දෙයි.

එසේම සිද්ධි අධ්‍යයන හා කළමනාකරණය සඳහා වූ කාර්යයන් රැසක් Kaspersky විසින් ලබා දෙන අතර Unified Monitoring and Analysis Platform (KUMA) ඒකාබද්ධ මෘදුකාංග විසඳුමද ඉදිරිපත් කර සිටියි. තොරතුරු ආරක්ෂණ සිදුවීම් නිරීක්ෂණය කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා වන ඒකාබද්ධ පුවරුවක් වන මෙය ලොග් කළමනාකරණ පද්ධතියක් ලෙස මෙන්ම පරිපූර්ණ SIEM පද්ධතියක් ලෙසද භාවිත කළ හැකිය.

Views: 0