SriLankan Aviation College නේපාල සිවිල් ගුවන් නේවා අධිකාරියේ සහතිකකරණය හිමිකර ගනී

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් (SriLankan Aviation College), නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහතිකකරණය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

මෙම සහතිකකරණය අනුව ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් නේපාලයේ NCAR Part-147 (නඩත්තු පුහුණු පාඨමාලා පැවැත්වීමට අවශ්‍ය නේපාල සිවිල් ගුවන් නේවා අධිකාරිනේ සහතිකය) අනුමත නේපාලනේ ප්‍රමුඛතම ගුවන් සේවා පුහුණු ආයතනය බවට පත්වෙයි.

මෙම අනුමැතිය ලැබීමත් සමග Himalaya Airlines සහ අනෙකුත් කලාපීය ගුවන් සමාගම්වලට ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලේජ් හා සහයෝගයෙන් කටයුතු කිරීමටත්, යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ නියෝජිතායතනය (EASA) විසින් අනුමත පුහුණු පාඨමාලා හැදෑරීමටත්, නේපාලය තුළ ගුවන් සේවා කුසලතා සහ නිපුණතා ඉහළ නැංවීමට දායක වීමටත් හැකියාව ලැබේ.

“නේපාල සිවිල් ගුවන් නේවා අධිකාරිනේ අනුමැතිය සමඟ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු අංශය වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් සිය භූගෝලීය ප්‍රවේශය පුළුල් කරමින් සිටියි. මෙය පුහුණු අංශය සහ ගුවන් සේවය යන දෙකටම ජයග්‍රහණයක් වන අතර, මේ හවුල්කාරීත්තවය ඔස්සේ කලාපයේ පුළුල් පිරිසකගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට හැකි වනු ඇත.” ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ්හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාලිංග හිරන්‍ය මහතා පැවසීය.

නේපාල සිවිල් ගුවන් නේවා අධිකාරියේ සහතිකකරණය හිමිකර ගැනීම ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලේජ් ලැබූ සුවිනේෂී ජයග්‍රහණයකි. ඊට අමතරව යුනරෝපීය රටවල් 27 ක් පිළිගන්නා European Union Aviation Safety Agency (EASA) සහ ශ්‍රී ලංකාවේ, මාලදිවයිනේ සහ පාකිස්තානයේ සිවිල් ගුවන් සේවා අධිකාරී ආයතනවල පිළිගැනීමද ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් වෙත හිමිව තිබේ.

Views: 0