SLIIT කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ නවතම BSc (Hons) උපාධි පාඨමාලාව අරඹයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විසින් තොරතුරු තාක්ෂණ (IT) උපාධිය සඳහා නවතම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශේෂ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාව (Artificial Intelligence for the BSc (Hons)) ආරම්භ කර තිබේ.

SLIIT රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් වන හෙයින් මෙම නවතම උපාධි පාඨමාලාව හඳුන්වාදීම ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත.

කෘත්‍රිම බුද්ධිය, අධ්‍යාපන සහ තාක්‍ෂණික නවෝත්පාදනයේ අනාගතය ලෙස හඳුනා ගනිමින්, වර්තමානයේ වේගවත් වී ඇති තාක්‍ෂණික දියුණුව ඉදිරියේ AI විශේෂඥයින් සඳහා ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා SLIIT විසින් සිවු අවුරුදු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශේෂ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාව සැලසුම් කර ඇත.

මෙහි අන්තර්ගත විෂයමාලාව පුළුල් පරාසයක විහිදී ගිය න්‍යායික දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ඒකාබද්ධ කරයි. අවසාන වසරේ පර්යේෂණ ව්‍යාපෘතියක් සම්පාදනය කර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාඨමාලාව අවසන් කෙරේ.

මෙම උපාධි පාඨමාලාවට ඇතුළත් පුළුල් විෂයමාලාවට දත්ත විශ්ලේෂණ (data analytics), ස්නායුක දත්ත ජාලකරණය (neural networks) සහ බුද්ධිමත් පද්ධති (intelligent systems) වැනි අති නවීන ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරයි. ඒ මගින් සිසුන්ට නවීන තාක්‍ෂණික දියුණුව පිළිබඳව වටිනා දැනුමක් ලබා දෙනු ලබයි. SLIIT අධ්‍යයන විශිෂ්ටත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, මෙම උපාධි පාඨමාලාව වර්තමානයේ පවතින අභියෝග වලට මුහුණ දීම සඳහා සිසුන් සූදානම් කරමින් ඔවුන්ගේ ප්‍රායෝගික පුහුණුව හා කර්මාන්ත සහතික ඒකාබද්ධ කරනු ලබයි.

උපාධි පාඨමාලාවේ උපාධිධාරීන් අනෙකුත් ප්‍රධානතම කර්මාන්ත ක්ෂේත්‍ර තුළ AI සංවර්ධනය (AI development), දත්ත විද්‍යාව (data science), රොබෝ විද්‍යාව (robotics) සහ යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ තනතුරුවල (ML Engineer positions) ආදී ආකර්ෂණීය වෘත්තීන් සඳහා හොඳින් ස්ථානගත වනු ඇත. මෙම ආරම්භය හරහා AI නවෝත්පාදන සහ විශේෂඥතාවය සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් තාක්‍ෂණ ක්ෂේත්‍රයේ අනාගත අවශ්‍යතා ඉටු කරමින් අනාගත අධ්‍යාපන සැලසුම් ඉදිරිපත් කිරීමට SLIIT විසින් දක්වනු ලබන කැපවීම යලි තහවුරු කරනු ලබයි.

SLIIT හි පරිගණක විද්‍යා පීඨයේ සහකාර උපකුලපති මහාචාර්ය නුවන් කෝදාගොඩ මහතා මේ පිළිබඳව මෙසේ අදහස් ප්‍රකාශ කළේය. ”නව AI විශේෂ උපාධි පාඨමාලාව ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. එම පාඨමාලාව සඳහා ප්‍රවේශ වීමට සියලුම සිසුන්ට අවස්ථාව හිමිවෙනවා. SLIIT විසින් පිරිනමනු ලබන AI උපාධි පාඨමාලාව තුළින් සෑම කර්මාන්තයකම අනාගත ගමන් මග පරිවර්තනීය වෙනසකට ලක් වන බවට අපි හඳුනාගෙන තිබෙනවා. ගෝලීය වශයෙන් AI තාක්ෂණික අවකාශය තුළ ශ්‍රී ලංකාවේ වර්ධනයට දායකත්වය ලබා දීම සහ තාක්ෂණික දියුණුව ඇති කිරීමට හැකි වන අයුරින් මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින් වීමට අපගේ සිසුන් බලගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා.”

මෙම උපාධි පාඨමාලාවට ඇතුළත් වීම සඳහා උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ එක් වරකදී සාමාර්ථ 3ක් ලබා තිබීම අනිවාර්ය වේ.

උපාධි පාඨමාලාව සහ ඇතුළත් වීම් පිළිබඳව වැඩි විස්තර info@sliit.lk යන SLIIT හි වෙබ් අඩවිය මගින් හෝ +94 11 754 4801 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකිය.

Views: 0