DFCC බැංකුව සමිති සමාගම් වෙනුවෙන් DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වාදෙයි

DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත්යනු DFCC බැංකුව සමිති සමාගම් ආදිය වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පත් සේවාවකි. මෙමගින් අදාළ සමිති සමාගම්, ඒවායෙහි සාමාජිකයන්ටත්, DFCC බැංකුවේ Affinity හවුල්කරුවන්ටත් විවිධාකාර වූ ප්‍රතිලාභ හිමි වේ.

එකිනෙකට වෙනස් පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලන විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන නිරන්තර උත්සාහය යටතේ DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දී ඇත. 

මෙහි අරමුණ පැහැදිලි කරමින් DFCC බැංකුවේ උප සභාපති කාඩ්පත් අංශ ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා මෙසේ පැවසී ය. “’කාටත් ගැළපෙන බැංකුව’ ලෙස අප විවිධාකාර වූ පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන් සපුරාලන විසඳුම් හා සේවාවන් හඳුන්වා දීමට සෑම විටම උත්සාහ කරනවා. අප DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දුන්නේ විවිධ සංගම් හා ආයතනවල සාමාජික සාමාජිකාවන්  පොදු අරමුණක් යටතේ එකමුතු කරවන අතරම ඔවුන්ට සුවිශේෂී ප්‍රතිලාභ පිරිනැමීමේ අරමුණිනුයි.”

DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් ක්‍රමය යටතේ, එම කාඩ්පත් හිමියන් Affinity හවුල්කරුවන් වෙතින් කරන මිලදී ගැනීම් අනුව ඔවුන්ට විවිධමුදල් ප්‍රතිලාභ හිමි වේ. එමෙන්ම මෙමගින් Affinity හවුල්කරුවන්ගේ අලෙවිය ඉහළ යනු ඇති අතර, මෙය තවත් හවුල්කරුවන් සමග අත්වැල් බැඳගනිමින් වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ පිරිනැමීම සඳහා ඔවුන් යොමුකරවන සාධකයක් වනු ඇත. මීට අමතරව කාඩ්පත් හිමියන්ට DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත්වලටම සුවිශේෂී වූ Cashback දීමනා සහ වට්ටම් ඇතුළු තවත් ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් යනු පොදු අරමුණු වෙනුවෙන් ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් ඇතිකරගැනීම සඳහා දිරිගන්වන සුවිශේෂී කාඩ්පත් ක්‍රමයකි. දැනටමත් ආදී ශිෂ්‍ය සංගම් රාශියක් DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගෙන තිබේ. මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම සංවිධානයකට හෝ සංගමයකට තම සාමාජිකයන්ට DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගැනීම සඳහා ගතයුතු පියවර සම්බන්ධ වැඩිදුර තොරතුරුDFCC බැංකුව වෙතින් ලබාගත හැකි වේ.

Views: 0