කොමර්ෂල් බැංකු බංග්ලාදේශ ශාඛාව 14 වැනි වසරටත් ‘AAA’ ණය ශ්‍රේණිගත කිරීම ලබා ගනී

කොමර්ෂල් බැංකුවේ හි බංග්ලාදේශ මෙහෙයුම් වලට 2024 වසර සඳහා ක්‍රෙඩිට් රේටිං ඉන්ෆමේෂන් ඇන්ඩ් සර්විසස් (CRISL)  වෙතින් ‘AAA’ දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීමක් ලැබී ඇති අතර බංග්ලාදේශයේ මූල්‍ය ආයතනයකට ලබා දුන් ඉහළම ණය ශ්‍රේණිගත කිරීම වන මෙය අඛණ්ඩව වසර 14 ක් ලබාගැනීම විශේෂත්වයකි.

2025 ජුනි දක්වා වලංගු වන මෙම නවතම ණය ශ්‍රේණිගත කිරීම ලබා දෙන්නේ, බැංකුවේ මෙහෙයුම් සහ මූල්‍යමය කාර්යසාධනය සහ අදාල ප්‍රමාණාත්මක හා ගුණාත්මක සාධක ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් බව බැංකුව පවසයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුමට සුභ පතමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “අඛණ්ඩව වසර 14ක් පුරාවට බංග්ලාදේශයේ බැංකුවකට ‘AAA’ (ත්‍රිත්ව A) ශ්‍රේණිය ලැබීම ඉතාමත් දුර්ලභ ජයග්‍රහණයකි. තවද එයින් නිරූපණය වන්නේ විශිෂ්ටත්වය ලඟාකර ගැනීම සඳහා වූ සාමූහික කැපවීම, ගනුදෙනුකරුවන් උදෙසා දක්වන කැපවීම, සහ නායකත්වය හොබවන කණ්ඩායමේ මෙන්ම සෑම මට්ටමකම සේවකයින්ගේ ද අසමසම සේවාවේ ප්‍රමිතීන් ය. බංග්ලාදේශීය කොමර්ෂල් බැංකුව, කොමර්ෂල් බැංකු ජාලයේ පවතින විශිෂ්ඨ සම්පතකි.”

කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් සඳහා ප්‍රධාන විධායක නිළධාරී නජිත් මීවනගේ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය: “ඩිජිටල් බැංකු සේවා ද ඇතුළුව ආයතනික හා පාරිභෝගික බැංකුකරණය යන දෙඅංශයේ දී ම අපගේ නිෂ්පාදන හා සේවා සම්බන්ධයෙන් ඉහළම ගුණාත්මකබව අපගේ සේවාදායකයින්හට සපයන බව සහතික කරමින්, බංග්ලාදේශය තුළ අපගේ කාර්යසාධනය මෙහෙයවනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ කොමර්ෂල් බැංකුවෙහි ක්‍රියාත්මක වන වෘත්තීමය ප්‍රමිතීන්, හොඳම පිළිවෙත්, සහ යහපාලන ක්‍රියාදාමයන් ම වේ. ‘AAA’ ලෙස ශ්‍රේණිගත කිරීමෙන් ද සනාථ වන පරිදි බංග්ලාදේශය තුළ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වීම ගැන අපි ආඩම්බර වෙමු. ”

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු ලෙස කොමර්ෂල් බැංකුව සැලකෙයි.

මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

Views: 0