කිරි රසැති චොකලට් සොයන්නන්ට Diana වෙතින් Chocolit White

කිරි රසැති චොකලට් සඳහා කැමැත්තක් දක්වන ඔබ වෙනුවෙන්ම, Diana Chocolates (Pvt) Ltd විසින් සිය නවතම නිෂ්පාදිතය වන Chocolit White වෙළඳපොළට හඳුන්වා දී තිබේ.

Creamy milk රසයෙන් යුක්ත White Choco ඔබේ රස නහර පිනවමින් කුඩා කල මිහිරි මතකයන් ඔබ වෙත සමීප කරයි.

ශ්‍රී ලාංකීය වෙළඳපොළ වෙත හඳුන්වාදී ඇති White Choco, Chocolit පවුලේ නවතම සාමාජිකයා වන අතර කිරි රස චොකලට් වල වූ සුවිශේෂී රසයට ආශා කරන අයට විනෝදජනක රස හැඟීමක් මෙමඟින් ලබාදෙනු ඇත. එහි ප්‍රණීත කිරි රසය ළමයින් සහ යෞවනයන් ආකර්ෂණය කර ගනු ඇතැයිද Diana Chocolates (Pvt) Ltd පවසයි.

Chocolit White Slab බෙදාහදා ගෙන රස බැලිය හැකි අතර, Chocolit White Bar පහසුවෙන් රැගෙන යා හැකි වන ලෙස කොටස් වශයෙන් ඇසුරුම් කර ඇත. තවද Chocolit White Crispy Ball,  සුදු චොකලට් රසයෙන් නිමවා ඇති නිසා ඔබට විනෝදාස්වාදී රසහැඟීමක් තිලිණ කරයි.

Views: 0