ජනශක්ති ලයිෆ් 2024 පළමු කාර්තුවේදී බදු පෙර ලාභයේ 29%ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, 2024 වසරේ පළමු කාර්තුවේ දී ස්ථාවර මුල්‍ය වර්ධන ප්‍රතිඵල වාර්තා කරමින් සිය ඉහළ ස්ථාවරත්වය දිගින් දිගටම අත්පත් කරගනිමින් සිටින බව පවසයි.

ඒ අනුව ජනශක්ති ලයිෆ්හී සම්පූර්ණ රක්ෂණ වාරික වටිනාකමේ (GWP) වර්ධන අගය 2023 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2024 වසරේ පළමු කාර්තුවේ දී 44%ක විශිෂ්ට වර්ධනයක් වාර්තා කර ඇත. මෙම වාර්තාවලින් පිළිබිඹුවන්නේ ආයතනය සතු වෙළඳපොළ ව්‍යාප්ත කිරීමේ සහ නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ සුවිශේෂී හැකියාවයි.

මීට අමතරව ආදායම් ලැබීමේ මාර්ග විවිධාංගීකරණය සහ උපායමාර්ගික ආයෝජන ක්‍රමවේදයන් නිසා වෙනත් මෙහෙයුම් ආදායම් ද 22%කික් වර්ධනය වී තිබේ.

2023 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2024 වසරේ පළමු කාර්තුවේ දී බදු පෙර ලාභය 29%ක වර්ධනයක් පෙන්නුම් කිරීම ද අතිශය සාර්ථක තත්ත්වයකි. ආයතනයේ කාර්යක්ෂම මෙහෙයුම් උපායමාර්ග සහ නිවැරදි මුල්‍ය කළමනාකරණයේ සාර්ථකත්වය මෙම වර්ධනයන්ට ඉවහල් වී ඇත. කෙටි කාලීන වර්ධනයන්ගෙන් ඉවත් වී දීර්ඝ කාලීන වර්ධනයන් දක්වා සීරුමාරුවීමට ආයතනය ගත් උපායමාර්ගික එළඹුම නිසාම මෙම සුවිශේෂී සාර්ථකත්වය අත්පත් කරගැනීමට සමත් වී තිබේ.

මෙම පියවර මගින් ආයෝජකයන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමටත්, තිරසර සංවර්ධනය සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණයට ප්‍රමුඛත්වය දීමටත් අපේක්ෂා කෙරේ.

ජනශක්ති ලයිෆ් ආයතනයේ, ආයතනික ආයෝජන කොටසක ඉපැයීම් අගය (EPS) 1.95 සිට 2.15 දක්වා වැඩිදුරටත් වර්ධනය වීම සිය කොටස්කරුවන්ට වටිනාකමක් ලබාදීම වෙනුවෙන් ආයතනයේ කැපවීම මනාව පිළිඹිබු කරයි. EPS අගයෙහි මෙවැනි වර්ධනයන් හරහා සිය කොටස්කරුවන්ට වඩා ඉහළ ලාභයක් අත්පත් කරදීමට ආයතනයට ඇති හැකියාව පෙන්නුම් කරයි.

මීට අමතරව ජනශක්ති ලයිෆ් ආයතනය විසින් 2024 වසරේ පළමු කාර්තුවේ දී ආවරණය කළ ජීවිත රක්ෂණ ප්‍රමාණය පෙර කාර්තුවට වඩා 112%ක ඉහළ වර්ධනයක් වන අතර එය ලංකාවේ සියලු ජීවිත රක්ෂණ ආයතනවලට වඩා වැඩි අගයකි. රක්ෂණාවරණ අලුත් කිරීමේ වාරිකය අගය ද වර්ධනය වූ අතර රක්ෂණ ක්ෂේත්‍රයේ සියලු තරගකරුවන් අභිබවා යමින් පෙර වසරට සාපේක්ෂව 2024 වසරේ පළමු කාර්තුවේ දී එම අංශයෙන් ද 18%ක වර්ධනයක් අත්පත් කරගැනීමට ආයතනය සමත්වී තිබේ.

මෙම ජයග්‍රහණ පිළිබඳව සිය අදහස් දැක්වූ ජනශක්ති ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා,“ අපේ කණ්ඩායමේ අප්‍රතිහත කැපවීම සහ මනා උපායමාර්ගික එළඹුම නිසා 2024 වසරේ පළමු කාර්තුවේ දී ලබාගත් මෙම ජයග්‍රහණ ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ප්‍රධාන මුල්‍ය ප්‍රමිතිකයන් හී අප ලබාගත් තිරසර වර්ධනයේ මූලික පදනම අපගේ ව්‍යාපාරික අනුවර්ථනයන් සහ උපායමාර්ගික පෙර දැක්මයි. ඉදිරියේ දීත් අපගේ වර්ධනය දිගටම පවත්වා ගන්නට කටයුතු කරනවා වගේම ක්ෂේත්‍රයේ අපේ ව්‍යාප්තිය තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරනවා.” යනුවෙන් පවසයි.

Views: 0