SLIM ජාතික විකුණුම් සම්මාන උළෙල මෙවර “විශිෂ්ඨත්වයේ වීරයෝ” තේමාවෙන්

මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) විසින් සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2024 (SLIM National Sales Awards 2024) අඛණ්ඩව 24 වැනි වරටත් පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර තිබේ.

මෙම සම්මාන උළෙලේදී කර්මාන්ත ක්ෂේත්‍ර 20කට අධික සංඛ්‍යාවක නියැළී සිටින විකුණුම් වෘත්තිකයන්ගේ කාර්ය සාධනය අගයමින් සම්මාන ප්‍රදානය කරන අතර මෙරට විකිණුම් වෘත්තිකයන් මෙම සම්මාන උළෙල පිළිබඳව මහත් උනන්දුවෙන් පසුවේ.

මෙවර එහි තේමාව ‘විශිෂ්ඨත්වයේ වීරයෝ’ (Heroes of Excellence) වේ. දකුණු ආසියානු කලාපයේ හොඳම විකුණුම් සම්මාන උළෙල ලෙස හැඳින්වෙන මෙහිදී අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව විකිණුම් වෘත්තිකයන් හඳුනාගනිමින් ඇගයීම සිදුකරන අතර එමගින් ජයග්‍රාහකයන් ගෝලීය තලය තුල ඉහලින්ම ඔසවා තැබීමට SLIM ආයතනය බලාපොරොත්තු වෙයි.

මේ සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සඳහා තම ආයතන ඔස්සේ අයදුම් පත් ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇත. වර්තමානය වන විට විකිණුම්කරණය ඕනෑම ව්‍යාපාරයක වර්ධනය කෙරෙහි හේතු වන වැදගත් සාධකයක් බවට පත්ව ඇත.

එබැවින් ආයතන විකිණුම්කරණ සම්පත්, තාක්ෂණය සහ යටිතල පහසුකම් ආදිය වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කරයි. ඒ අනුව විකිණුම්කරණ කණ්ඩායම් ඉතාමත් තරඟකාරී ලෙස සිය සේවාවන් සිදුකරන අතර ඔවුන් වෙත ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබාදීම SLIM ජාතික විකිණුම්කරණ සම්මාන උළෙලේ මූලික පරමාර්ථය වේ.

විකුණුම්කරණ ක්ෂේත්‍රයෙහි මුල්පෙළ කණ්ඩායම්, විකිණුම්කරණ අධීක්ෂකවරුන්, විකුණුම් විධායකවරුන්, ප්‍රාදේශීය විකුණුම් කළමනාකරුවන්, ජාතික විකිණුම්කරණ කළමනාකරුවන් සහ අනිකුත් විකුණුම් සහායක කාර්ය මණ්ඩලය යන කාණ්ඩ යටතේ මෙවර SLIM ජාතික විකුණුම් සම්මාන පිරිනැමේ.

මෙහි අයදුම් පත්‍ර සලකා බැලීමේ කාලය 2023 දෙසැම්බර් 31දින සිට 2024 මාර්තු 31 දින දක්වා වේ. පසුගිය වසරේදී මෙන්ම මෙවරද විකිණුම්කරණ ක්ෂේත්‍රය තුළ කාන්තා වෘත්තිකයන්ගේ දායකත්වය දිරිගන්වමින් ඇගයීමක් සිදු කිරීමටද අපේක්ෂිතය. රටේ සෑම අංශයකම සේවය කරන කාන්තා වෘත්තිකයන් වෙනුවෙන් ලබා දෙන විශේෂ ඇගයීම, රටේ සෑම අංශයකම සහ කර්මාන්තයකම කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා SLIM දරන අඛණ්ඩ උත්සහයේ ප්‍රතිඵලයකි.

ඉහත සඳහන් කළ සෑම කාණ්ඩයක් සඳහාම රන්,රිදී මෙන්ම ලෝකඩ සම්මාන ත්‍රිත්වය බැගින් පිරිනැමීමට නියමිතය. එමෙන්ම, ජාතික සහ ප්‍රාදේශීය විකිණුම්කරණ කළමනාකරුවන් සඳහා ද සම්මාන පිරිනමනු ලැබේ. කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණ විශ්ලේෂකයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙහිදී විනිශ්චය කටයුතු සිදුකරන අතර ජයග්‍රාහකයින් පිළිබඳ විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

Views: 0