JKCG Auto සමාගම BYD මෝටර් රථ සඳහා කොළඹ නගරයේදී අති නවීන ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට යයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයට (JKH) අනුබද්ධිත මෙරට තුළ BYD විදුලි මෝටර් රථ සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වන JKCG Auto සමාගම චීනයේ BYD විදුලි මෝටර් රථ සඳහා කොළඹ නගරය තුළ අති නවීන පහසුකම්වලින් සමන්විත ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට ද සැලසුම් කර ඇතැයි පවසයි.

විශේෂයෙන්ම BYD මෝටර් රථ සහ විද්‍යුත් (EV) වාහනවලට දැඩි කැමැත්තක් දක්වන පුද්ගලයින් සඳහා මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කරන බව එම සමාගම පවසයි.

එසේම ශ්‍රී ලංකාව නව බලශක්ති වාහන සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ සිය කැපවීම ශක්තිමත් කරවීමත් මෙම පියවරේ අරමුණ බවත් JKCG Auto සමාගම පවසයි.

JKCG සමාගම පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වුණු EV Motor Show හිදී මෙම BYD මෝටර් රථ මාදිලි තුනක් එළිදැක්වීම සිදු කළේය.

ඉදිරි සති කිහිපය තුළදී මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිත මෙම ප්‍රදර්ශනාගාරය හරහා මෙවැනි අති නවීන මෝටර් රථ වල ඇති උසස් තාක්ෂණය, විශේෂාංග සහ ප්‍රතිලාභ මනාව විදහා දක්වමින් නරඹන්නන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු නිසැක බවත් සමාගම සඳහන් කරයි..

මේ අතර JKCC Auto විසින් දේශීය කුසලතා වැඩිදියුණු කිරීමට සහ කලාපය තුළ නව බලශක්ති වාහන (NEVs) සඳහා විශේෂ කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කිරීමට BYD සමඟ ඇති හවුල්කාරිත්වය තවදුරටත් උපරිම ලෙස භාවිත කරමින් සිටින බවත් පවසයි.

මේ සඳහා, BYD විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම EVs සඳහා වූ අති නවීන පහසුකම්වලින් සමන්විත සේවා ස්ථානය සඳහා පළමු කණ්ඩායම පුහුණු කිරීම ආරම්භ කර ඇති අතර එමගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි දේශීය කුසලතා ඉහළ නංවා ගැනීම අරමුණු කරගත් අනාගත සහයෝගීතාවයන් සඳහා පූර්වාදර්ශයක් සපයමින් සිටියි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන Johh Keels Holdings PLC සමූහය සහ ඩුබායි හි CG Corp Global හි අනුබද්ධිත සමාගමක් වන CG AUTO හවුල්කාරීත්වයෙන් JKCG Auto පුද්ගලික සමාගම බිහි වී තිබේ.

Views: 0