වැලිබල් වන් පීඑල්සී වෙතින් කොටසකට රු. 3 බැගින් රු. බිලියන 3.4ක වටිනා ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැලිබල් වන් පීඑල්සී (VONE.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.00ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.

මෙය 2024 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 26 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 09 වැනිදා නම් කර තිබේ.

අද වනවිට වැලිබල් වන් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව කොටස් 1,138,915,644 කි.

ඒ අනුව මෙම ලාභාංශ ගෙවීම හරහා ලබා දෙන සමස්ත මුදල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 3.4ක් (3,416,746,932ක්) ලෙස සටහන්ව තිබේ.

වැලිබල් වන් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 722,966,300ක් එනම් 63.47%ක හිමිකමක් ඇත්තේ මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතාටයි. ඒ අනුව මෙම ලාභාංශ වටිනාකමින් රුපියල් බිලියන 2.16ක (2,168,898,900) මුදලක් හිමිවන්නේ ඒ මහතා වෙතයි.

Views: 0