රිචර්ඩ් පීරිස් සමූහයේ සභාපති සේන යද්දෙහිගේ මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක්

රිචර්ඩ් පීරිස් සමූහයේ සභාපති සේන යද්දෙහිගේ මහතාට එරෙහිව විදේශ තමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පසුගියදා පියවරගත් බව මාධ්‍ය වාර්තා පවසයි.

එම සමාගම මගින් සිය ව්‍යාපාර විශ්ලේෂණය සඳහා යොදා ගත් ව්‍යාපාරික විශ්ලේෂකවරියට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වී ඇති පැමිණිල්ලකට අනුව, සේන යද්දෙහිගේ මහතාට එරෙහිව අධිකරණය මෙම තීරණය ගෙන තිබේ.

පොලිස් වාර්තා අනුව කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වන තැනැත්තියක විසින් පසුගිය මැයි 07 වැනිදා කොල්ලුපිටිය පොලිසිය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එහිදී තමන් ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට ගිය අවස්ථාවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු හෝටලයකදී අදාළ කෝටිපති ව්‍යාපාරිකයා තමාට ලිංගික අතවර කළ බවට එම ව්‍යාපාරික විශ්ලේෂකවරිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඊට අදාළ විමර්ශන ආරම්භ කළැයි කියමින් කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් අධිකරණය මගින් මෙම විදේශ ගමන් තහනමක් නිකුත් කර තිබේ.

පැමිණිල්ලේ සඳහන්ව ඇති ආකාරයට අදාළ තැනැත්තිය පසුගිය මාසයක පමණ කාලයක් අන්තරජාලය හරහා ව්‍යාපාරික විශ්ලේෂකවරියක ලෙස අදාළ සමාගම සමගින් කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී සභාපතිවරයා විදේශගතව සිට ඇති අතර, පසුගිය මැයි 06 වැනිදා ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී කොළඹ පිහිටි හෝටලයකදී ඇය හමුවීමට අවශ්‍ය බව දැනුම්දී තිබේ.

ඒ අනුව ඇය පසුගිය මැයි 07 වැනිදා තමන් අදාළ හෝටලයේදී සභාපතිවරයා හමුවූ බවත්, එහිදී ඔහු විසින් තමන්ට ලිංගික අපයොජනයක් සිදුකළ බවත් ඇය පැමිණි කර තිබේ.

මෙලෙස ඉදිරිපත් වු කරුණු සළකා බැලීමන් අනතුරුව සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක් නිකුත් කර ඇති, මහෙස්ත්‍රාත්වරයා සැකකරු රටින් පිටවීමට පැමිණියහොත් අත්අංගුවට ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක්ද නිකුත් කර ඇතැයි සඳහන් වෙයි.

Views: 0