එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී වෙතින් කොටසකට රුපියල් 4.25 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම (SPEN.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

අද දිනයේදී රැස්වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.25ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 22 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 02 වැනිදා නම් කර තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇතැයිද එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන සමාගමෙහි මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී එම සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 129.00ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 128.50ට සාපේක්ෂව ශත 50ක එනම් 0.36෴ක ඉහළ යාමකි.

2024 මාර්තු 31 වැනිදා වනවිට එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 208,410,213ක් එනම් 51.33෴ක් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී වෙත හිමිව තිබේ.

Views: 0