DMASL Digital සමුළුව ජුලි 3 සහ 4 දෙදින වෝටර්ස් එජ්හිදී

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) විසින් සංවිධානය කරනු ලබන DMASL Digital සමුළුව2024,  ජූලි 3 සහ 4 යන දෙදින බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

පසුගිය වසරේ පැවැත්වූ සමාරම්භක සමුළුවේ සාර්ථකත්වයත් සමග එය ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී අවස්ථාවක් බවට පත් වූ අතර, මෙවර සමුළුව වඩාත් ආකර්ශනීය වනු ඇතැයිද සංවිධායකයින්ගේ අපේක්ෂාවයි.

දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ අවකාශය පිළිබඳව සාකච්ඡාවට බදුන් කරන අතරම, සීඝ්‍රයෙන් වර්ධනය වනමෙම ක්ෂේත්‍රයේ වැදගත්කම සහ එමගින් සිදුවන බලපෑම පිළිබඳව අවධානය යොමු කරයි.

මෙවර DMASL Digital සමුළුව 2024,“Charting the Uncharted” – “නව මං සොයා යෑම,යන තේමාව යටතේ පවත්වනු ලබයි. එමෙන්ම ඩිජිටල් අලෙවිකරණයෙහි විශේෂඥයින්, වෙළඳ ප්‍රචාරණ ආයතන, ව්‍යාපාරික නායකයින් සහ තාක්‍ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ඇතුළු විවිධ වෘත්තිකයන් පිරිසක් එක්රැස් කිරීම, ඉගෙනීමේසහ ජාලකරණයකිරීම මගින් අවස්ථා සකස් කරදී​ම මෙම සමුළුවෙන් අරමුණු වේ.

මෙම සමුළුවේ සහභාගිවන්නන්ට ඩිජිටල් අලෙවිකරණයේ නව ප්‍රවණතා සහ නවෝත්පාදනයන් පිළිබඳ ප්‍රබෝධයක් සහ දැනුමක්ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රධාන දේශන, මණ්ඩල සාකච්ඡා, වැඩමුළු සහ ජාලකරණ සැසි රාශියකින් සමන්විත වේ.

20කට වැඩි ගෝලී​ය කථිකයන්, 25කට වැඩි හවුල්කරුවන්, ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරින් සාකච්ඡාවට ලක්වෙන වැඩමුළු 3 ක් සහ 1,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයක් මෙහිදී අපේක්ෂා කෙරේ.

රටේ ​මෙවැනි ආකාරයට පවත්වන විශාලතම සමුළුව වන මෙයට සහභාගිවන්නන්ට ක්ෂේත්‍රයේ නියැලෙන ප්‍රමුඛයන්ගෙන් දැනුම ලබා ගැනීමට සහ ක්ෂේත්‍රයේ මිතුරන් සමඟ සබදතා ගොඩ නඟා ගැනීමට මෙන්ම අති නවීන ඩිජිටල් අලෙවිකරණ මෙවලම් සහ උපාය මාර්ග සමඟ සම්බන්ධ වීමටලැබෙනා මහගු අවස්ථාවක්ලෙස ද මෙය පෙන්වා දිය හැකිය.

මෙම අවස්ථාව සංවිධානය කිරීමට ලැබීම පිළිබඳව තම සතුට පළ කරමින් DMASL හි සභාපති උමේර් වොලීඩ් (UmairWolid) ප්‍රකාශ කළේ, DMASL Digital සමුළුව 2024 යනු ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ප්‍රජාව සඳහා සුවිශේෂී අවස්ථාවක් බවත්, එය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණය ඉහළ නැංවීමට DMASL යන ගමනේ සන්ධිස්ථානයක් ද වන බවයි. එසේම අනාගතයේදී, අන්තර්ක්‍රියාකාරී සැසි කෙරෙහි ද අවධානය යොමු කිරීම තුළින් ජාත්‍යන්තරව දපුළුල් ප්‍රවේශයක් ලබා ගැනීමට කටයුතු කිරීම DMASL හි බලාපොරොත්තුව වන බවත් ය.

මෙම ව්‍යාපෘතියේ සභාපති ලෙස කටයුතු කරන අර්ජුන් ජෙගර් මෙම අවස්ථාව පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, ඔවුන්ගේ දැනුම සහ ප්‍රවීණත්වය බෙදාගැනීම සඳහා මෙවන් විවිධාකාර වූ දක්ෂ වෘත්තිකයන් පිරිසක් එක් කරගැනීමට ලැබීම ගැන අපි සතුටු වන අතර, මෙම සමුළුව මගින් ඉගෙනීමටඅමතරවඑකිනෙකා හඳුනා ගැනීම සඳහා තවත් වටිනා අවස්ථා ලබා දෙනු ඇතැයි අප විශ්වාස කෙරේ.

මේ අතර, යුනිලීවර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්‍ෂ (Personal care, Beauty and Wellbeing) ශමාරා සිල්වා පැවසුවේ, “DMASL Digital සමුළුව 2024හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස DMASL සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන ආඩම්බර වන අතරම, විශේෂයෙන්ම දක්ෂයින් විදේශගත වන කාලයකදී ඔවුන්ගේ දක්ෂතා, කුසලතා සහ නිපුණතා වැඩිදියුණු කිරීමට දායක වීමට ලැබීම පිළිබඳව යුනිලීවර්අපි ඉතාමත් සතුටු වන බවයි.

Views: 0