CameraLK මාලදිවයිනේ නිල Sony නිෂ්පාදන බෙදාහරින්නා ලෙස පත්වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි ආයතනය වන CameraLK ආයතනය මාලදිවයිනේ නිල Sony Electronics බෙදාහරින්නා ලෙස පත් කළ බව පවසයි.

දකුණු ආසියාවටම කැමරා ආම්පන්න ලබාදීමේ පුරෝගාමියා ලෙස ඉදිරියට පැමිණීමේ CameraLK හී ව්‍යාපාරික අරමුණ තවත් ශක්තිමත් කිරීමේ සුවිශේෂී ව්‍යාපාරික සංධිස්ථානයක් ලෙස මෙම අවස්ථාව සැළකිය හැක.

මෙම පත්කිරීමත් සමග CameraLK ආයතනය මෙම මස අග දී මාලදිවයිනේ නව ශාඛාවක් විවෘත කිරීමට අපේක්ෂා කරයි. එයින් පසු මාලදිවයිනේ සිටින කැමරාකරණයට කැමති අයට සහ වෘත්තීය කැමරාකරුවන්ට Sony ආයතනය නිෂ්පාදනය කරන කැමරා, කැමරා කාච සහ ඕනෑම කැමරා ආම්පන්නයක් මිල දී ගැනීමේ අවස්ථාව උදාවෙයි. ශ්‍රී ලංකාව තුළ CameraLK ආයතනය ලබා ගෙන ඇති වෘත්තීය අභිමාණයත් සමග මෙම නව ශාඛාව තුළ විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහ නව කැමරා අත්දැකීමක් ලබාදීමට අපේක්ෂා කරයි.

Sony South East Asia, RMDC ප්‍රධානී ජෙරමි හෙන්ජ්, මහතා මෙම වෙළඳාම් ව්‍යාප්ත කිරීමේ සහයෝගීතාවය පිළිබඳව සිය අදහස් පළකළේය.“මාලදිවයින සඳහා අපේ නිල බෙදාහරින්නා ලෙස  CameraLK පත් කිරීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. කැමරා ආම්පන්න අලෙවි ක්ෂේත්‍රය තුළ CameraLK ආයතනය ඉහළ වෘත්තීය නිපුණත්වයක් සහ විශිෂ්ට කැපවීමක් පෙන්නුම් කර තිබෙනවා. ඇත්තටම අලුත් වෙළඳපොළක් වෙත නව්‍යකරණයෙන් සපිරි Sony කැමරා නිෂ්පාදන අලෙවි කිරීම සඳහා නිල නියෝජිතයෙකු ලෙස යොදාගැනීමට හොඳම ආයතනයක් ලෙස  CameraLK අපට විශ්වාසයි.”

CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා මෙම නව අවස්ථාව පිළිබඳව සිය අදහස් දැක්වීය.“ මලදිවයිනේ Sony කැමරා ආම්පන්න බෙදාහැරීමේ නිල නියෝජිතයා ලෙස අපව පත් කිරීම CameraLK ආයතනය ලැබූ ඉහළ ජයග්‍රහණයක්. මෙම සහයෝගීතාවය නිසා අපට අපේ වෙළඳපොළ තවත් දේශයන්ට ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලැබෙනවා, ඒවගේම මාලදිවයිනේ සිටින කැමරාකරණය සහ වීඩියෝකරණයට කැමති දක්ෂතා පිරි අයට Sony ආයතනයේ නව තාක්ෂණයෙන් පිරිපුන් උසස්ම නිෂ්පාදන ලබාගැනීමේ අවස්ථාවත් උදාවෙනවා.”

2010 වසරේ ආරම්භ වූ දකුණු ආසියාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවිසැල සහ විශාලතම ඔන්ලයින් අලෙවිසැල වන  CameraLK  ආයතනය ශ්‍රී ලංකාවේ ඡායාරූපකරණ ක්ෂේත්‍රයට අවශ්‍ය නවීනතම සහ හොඳම කැමරා ආම්පන්න සුවිශේෂී පාරිභෝගික සේවාවක් සමග හොඳම මිලකට මිලදී ගත හැකි පිළිගත් ආයතනයක් ලෙස ප්‍රචලිතව ඇත.

Views: 0