Velona Cuddles මෙරට ප්‍රථම වරට රසායනික ද්‍රව්‍යවලින් තොර ළදරු ආරක්ෂණ නිෂ්පාදන හදුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු සුරැකුම් නිෂ්පාදන සන්නාමය වන Velona Cuddles, තවත් පියවරක් ඉදිරියට තබමින්මධ්‍යසාර වලින් තොර, pH අගය 5.5 වන ළදරු ‍රැකවරණ නිෂ්පාදන පෙළක් පසුගියදා හඳුන්වා දෙන ලදී.

මධ්‍යසාරයෙන් තොර මෙම නව ළදරු සත්කාරක නිෂ්පාදන පෙළ, වසර 3 ක දැඩි තත්ව පර්යේෂණ සහ සංවර්ධනයන් හි ප්‍රතිඵලයක් වන අතර, Sebamed සහ Mustella වැනි ප්‍රමුඛපෙළේ යුරෝපීය ළදරු සත්කාරක නිෂ්පාදනයන් හා සසඳමින් ඉතා ඉහළ ගුණාත්මක  මට්ටමක් දක්වා Velona නිෂ්පාදනයන්හි තත්වය උසස් කොට තිබේ.

මෙම නව නිෂ්පාදන පෙළඔස්සේ ළදරුවන්ට ආරක්ෂිත, මෘදු සහ උසස් තත්ත්වයේ ආරක්ෂාවක්ලබා දීමVelona Cuddles ආයතනයේ බලාපොරොත්තුවයි.

Velona Cuddles ඩයපර්වල සාර්ථකත්වයේ අත්දැකීම් ද ඇතිව, නව Velona Cuddles Alcohol-Free Baby Care නිෂ්පාදන පෙළට කොලෝන්වර්ග තුනක්, top-to-toe wash වර්ගයක්, බිළිඳු සමේ වියළි බව දුරලන මොයිස්චරයිසින් ලෝෂන් වර්ගයක් ඇතුළු ඉතාක්‍රමවත්ව සකසනලද නිෂ්පාදන වර්ග පහක් ඇතුළත් වේ.

මෙම සෑම නිෂ්පාදනයක්ම මද්‍යසාරයෙන් තොර, ළඳරු සමේ 5.5 ස්වභාවික pH අගයට ගැලපෙන පරිදි නිර්මාණය කර තිබේ. මෙම මුළු නිෂ්පාදන පෙළම sulphate, paraben සහ වෙනත් හානිකර සහ අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් ද තොර වේ. මෙම නිෂ්පාදන මගින් සියුම් ළදරු සමට උපරිම ආරක්ෂාව සහ සුවපහසුව ලබා දීම ද සහතික කරයි.

මෙම නව නිෂ්පාදන පෙළ හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් Velona සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ගෙහාන් ද සොයිසා මහතා පැවසුවේ, වෙළඳපොලේ ඇති බොහෝ ළදරු රැකවරණ නිෂ්පාදනවල ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය මගින් විය හැකි සංකූලතා ප්‍රමාණය විවිධාකාර විය හැකි අතර, එවැනි රසායනික ද්‍රව්‍ය වලින්,විශේෂයෙන්ම මධ්‍යසාර මගින් සිදුවිය හැකි සම වියලීම, සමේ ස්වාභාවික තෙල් ගතිය ඉවත් වීම සහ වේදනාකාරී කුෂ්ඨ ආදිය ඇතිවීමේ හැකියාවක් පවතින බැවින්, ඒවා මඟ හරවා ගැනීමට Velona නිෂ්පාදන විවිධ තත්ව පරීක්ෂණ සඳහා නිරන්තරයෙන් යොමු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වසර 80කට වැඩි ඉතිහාසයක් සමඟින් Velona නිරන්තරයෙන්ම දරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා ප්‍රමුඛත්වය දී සමාගමකි. Velona Cuddles හි මෙම නවමු ප්‍රවේශය ඔස්සේ, Velona සමාගමට ජාතික සහ ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම් රාශියක් ද ලැබී තිබේ.  

Views: 0