BYD සමාගම 2024 EV Motor Show හි සන්නාම අනුග්‍රාහකයා වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන John Keells CG Auto පුද්ගලික සමාගම Asia Exhibition & Convention පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් EV Motor Show 2024 හි සන්නාම අනුග්‍රාහකයා ලෙස BYD පත්ව ඇති බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි.

මෙම මෝටර් රථ ප්‍රදර්ශනය ජූනි මස 28 වනදා සිට 30 වනදා දක්වා BMICH හිදී පැවැත්වීමට නියමිතය. මෙමගින් තිරසාර ගමනාගමනය සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන දැක්මට සහාය වෙමින් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ EV තාක්ෂණයේ දියුණුව පෙන්නුම් කරමින් දේශීය EV (විද්‍යුත් වාහන) වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට අරමුණු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells සමූහයේ සභාපති – පාරිභෝගික අංශය, චරිත සුබසිංහ මහතා පැවසුවේ “සැලකිය යුතු ආර්ථික සහ පාරිසරික ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් අපි අපගේ ප්‍රවාහන පද්ධතියට EVs ඒකාබද්ධ කිරීම ඉතා වැදගත් වනවා. BYD සමඟින් අප අත්වැල් බැඳගැනීමේ අරමුණ වන්නේ ගෝලීය පරිසර හිතකාමී ප්‍රවණතා ශ්‍රී ලංකාවට ගෙන ඒමයි.” යනුවෙනි.

JKCG Auto ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් මීට පෙර විද්‍යුත් වාහන භාවිත කරන්නන්ට NEV ecosystem වෙතට සංක්‍රමණය වීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනු ඇත. තවද JKCG Auto විසින් දිවයින පුරා charge කිරීමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා JKH සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධතා උපරිම ලෙස භාවිතා කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් CG Corp Global කළමනාකාර අධ්‍යක්ෂ නිර්වාන කේ. චෞද්‍රි මහතා “JKH සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි අපගේ ඇති නොසැලෙන විශ්වාසය හා දැඩි උනන්දුව හොඳින් පෙන්නුම් කරනවා. අපගේ අරමුණ වන්නේ අති නවීන තාක්ෂණයෙන් යුතු NEV විසඳුම් හඳුන්වා දීමෙන් සහ තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමෙන් පාරිසරික තිරසාරභාවය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය සඳහා දායක වීමයි.” යනුවෙන් සඳහන් කළේය.

‘’EV Motor Show 2024 සමඟ අපගේ සහයෝගීතාවය මගින් ශ්‍රී ලංකාවේ EV ecosystem සංවර්ධනය කිරීමට අපගේ ඇති කැපවීම හොඳින් පෙන්නුම් කරනවා. තිරසාර අනාගතයක් සඳහා කැපවුණු අපගේ දිගුකාලීන දැක්ම පෙන්නුම් කරන විද්‍යුත් සහ plug-in hybrid විද්‍යුත් වාහන ඇතුළුව උසස් තාක්ෂණයෙන් යුතු නව බලශක්ති වාහන හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අපිට සතුටුයි. තවද මෙම මෝටර් රථ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය වීමට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ අපගේ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙන් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේය.

Views: 0