මහජන බැංකුවේ SPARK ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන නැවත දියත් කරයි

තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ හා ශී‍්‍ර ලංකාව පුරා විසිරී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක කර්මාන්ත වර්ධනයට සහාය වීමේ අරමුණින් SPARK ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන නැවත දියත් කිරිමට මහජන බැංකුව කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන 2022 වසරේදි පළමු වරට දියත් කළ අතර, යාවත්කාලින කළ සුදුසුකම් සහ වැඩිදියුණු කළ ප‍්‍රතිලාභ සමග යළිත් කි‍්‍රයාවට නංවා ඇත.

මෙම SPARK ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට අධ්‍යාපන පසුබිම නොසලකමින් වයස අවුරුදු 20-45 අතර නැගී එන ව්‍යවසායකයන්ගෙන් අයදුම්පත් දැන් භාර ගැනේ. මෙම සහභාගිත්ව ප‍්‍රවේශය නිර්මාණය කර ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය මූලික කරගත් ආර්ථික ක‍්‍රමවේදය ශක්තිමත් කිරීමේ රජයේ ප‍්‍රතිපත්තියට සමගාමීව පුළුල් පරාසයක විහිදුන ව්‍යාපාරික අදහස් හා නවෝත්පාදන පෝෂණය කිරීම වෙනුවෙනි.

මේ වැඩසටහන සඳහා තෝරාගන්නන්ට තිරසාර හා ශක්තිමත් ව්‍යාපාරික සැලසුම් ගොඩනංවා ගැනීම සඳහා උපකාරී වන පුළුල් මඟපෙන්වීමක් ලැබෙනු ඇත. මේ මූලික අදියරෙන් පසු සිය ව්‍යාපාර දැක්ම සැබෑවක් බවට පත් කරගැනීමට සහයක් වන සහනදායී අනුපාත මත ව්‍යාපාරික ණය සඳහා ඔවුන් සුදුසුකම් ලබති.

රුපියල් 500,000ක් දක්වා 7%ක වාර්ෂික පොලී අනුපාතයට ණය ලබාගත හැකි අතර, මිලියනයක් දක්වා ණය මුදල් 10%ක පොලී අනුපාතයට පිරිනමනු ඇත. ඉහළ ණය ප‍්‍රමාණ සඳහා විශේෂ සහනදායී පොලී අනුපාත පිරිනැමේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘මහජන බැංකුව, ව්‍යවසායකත්වයේ වැදගත්කම පිළිබ`ද මනාව අවබෝධකරගෙන සිටින අතර, එය වැඩිදියුණු කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. මෙම ීඡු්ඍණ වැඩසටහන මූල්‍ය සහයෝගයක් පමණක් නොව  නවෝත්පාදනය සඳහා ප‍්‍රවේශ වීමේ වේදිකාවක් වනවා. එමෙන්ම රජයේ ප‍්‍රතිපත්ති වලට අනුකුලව මෙරට ජනතාවගේ ආර්ථිකය සවිබලගැන්වීම ස`දහා වන අපගේ කැපවීම විදහා දැක්වෙන අගනා සාක්ෂියක් වනවා.’

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘ශී‍්‍ර ලංකාව  තුළ ව්‍යවසායකත්ව හැකියාවන්ගෙන් යුත් විශාල තරුණ පිරිසක් සිටිනවා. කෙසේ වෙතත් මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කිරීමේදි අවශ්‍ය තාක්ෂණික නිපුණතාවය සැලසීම සඳහා ඔවුන්ට සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් මෙම SPARK වැඩසටහන අප විසින් දියත් කර ඇති අතර, තරුණ ව්‍යවසායකයන් සිය ව්‍යාපාරික සිහින සැබෑ කර ගැනීමට මේ අවස්ථාව උපරිමයෙන් භාවිතා කරනු ඇති බව අපගේ විශ්වාසයයි.’

මෙම වැඩසටහන සඳහා වන අයදුම්පත් www.peoplesbank.lk  යන මහජන බැංකු වෙබ් අඩවිය වෙත යොමු කළ හැකි අතර, වැඩිදුර විස්තර 0112481356 අංකය ඇමතීමෙන් ලබාගත හැක.

Views: 0