මධුසමය ගත කිරීමට ලොව පස්වැනියට සුන්දරම ගමනාන්තය ශ්‍රී ලංකාවලු

මධුසමය ගත කිරීම සඳහා ලොව පිහිටි වඩාත් සුන්දරම ගමනාන්ත 20 අතරින් පස්වැනි ස්ථානය ශ්‍රී ලංකාව බව ලොව ජනප්‍රියතම සංචාරක ගමනාන්ත වර්ගීකරණ වෙබ් අඩවියක් වන enjoytravel.com පවසයි.

මෙහිදී මාලදිවයින, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය ඇතුළුව අලුත විවාහ පත් සංචාරක යුවලගේ වැඩි ආකර්ෂණය දිනාගත් වඩාත් සුන්දර ගමනාන්ත අභිබවමින් ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පත්ව තිබීම කැපී පෙනෙයි.

විශේෂයෙන්ම අලුත විවාහ පත් යුවලකට සිය මධු සමය ගත කිරීම වඩාත් ආකර්ෂනීය මිලකට සිදු කර ගැනීම, වඩාත් රසවත් ආහාර පාන අත්දැකීමක් ලබා ගැනීම, වඩාත් සුඛෝපභෝගී නවාතැන් පහසුකම් ලබා ගැනීම, ආහාර පාන ලබා ගැනීමේ පහසුව, මධුසමය සඳහාම වෙන්වූ පැකේජ, ආදරණීයම කාලසීමාවක් උදාකර ගැනීමේ අවස්ථාව ලැබීම මෙන්ම සුවිශේෂී අත්දැකීමක් ලබා ගැනීමට හැකි වීම යනාදී කාරණා අනුව මෙම ගමනාන්ත වර්ගීකරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ආපනශාලාවක් තුළදී දෙදෙනකු වෙත ආහාර සඳහා වන වියදම පවුම් 19ක් ලෙසත්, වයින් බෝතලයක් සඳහා වියදම පවුම් 09ක් ලෙසත්, ඉහළම ක්‍රියාකාරකම් සඳහා වියදම පවුම් 29ක් ලෙසත්, තරු 5 පන්තියේ හෝටලයක් සඳහා වියදම පවුම් 100ක් ලෙසත්, හනි-මූන් පැකේජ සඳහා ලබාදී ඇති ලකුණු සංඛ්‍යාව 20කින්  16ක් ලෙසත් සහ වැඩිහිටියන් සඳහා පමණක් වෙන් වූ හෝටල් සංඛ්‍යාව 219ක් ලෙසත් enjoytravel.com වර්ගීකරණය තුළ සටහන්ව තිබේ.

මෙම ලැයිස්තුවෙහි පළමු ස්ථානය තායිලන්තයේ කොහ් චාන්ග් වෙතත්, දෙවැනි ස්ථානය චිලියේ පැටගෝනියා වෙතත් හිමිව තිබේ. එහි තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයටයි. එසේම සිව්වැනි ස්ථානය සැන්සිබාර් දූපත් වෙතත්, පස්වැනි ස්ථානය ශ්‍රී ලංකාව වෙතත් හිමිව තිබේ.

මෙම වර්ගීකරණයෙහි හයවැනි ස්ථානය දකුණූ අප්‍රිකාවටත්, හත්වැනි ස්ථානවය කෙන්යාවටත්, අටවැනි ස්ථානය මැලේසියාවේ පැන්ග්කොර් වෙතත්, නව වැනි ස්ථානය ඉන්දුනීසියාවේ සුම්බා වෙතත් දහ වැනි ස්ථානය කුරාකාඕ රාජ්‍යය වෙතත් හිමිව තිබේ.

එකළොස් වැනි ස්ථානය ග්‍රීසියේ පෙලෙපොන්නේස් වෙතත්, දොළොස්වැනි ස්ථානය ඉතාලියේ ටස්කනි වෙතත්, දහතුන් වැනි ස්ථානය ජපානයේ කියෝටෝ වෙතත් හිමිව තිබේ.

දහ හතරවැනි ස්ථානය මාලදිවයින වෙත හිමිව තිබේ. පහලොස් වැනි සහ දහසය වැනි ස්ථාන පිළිවෙලින් ස්පාඤ්ඤයේ මැලොර්කා සහ කැනඩාවේ බ්‍රිටිෂ් කොලුමිබියා වෙත හිමිව තිබේ. දහහත්වැනි ස්ථානය එක්සත් ජනපදයේ සැන් ජුආන් කඳුවැටිය වෙතත්, දහට වැනි ස්ථානය අයිස්ලන්තය වෙතත් හිමිව ඇත.

මෙම වර්ගීකරණයේ දහ නව වැනි ස්ථානයේ පසුවන්නේ නවසීලන්තයේ දකුණු දිග දූපතයි. එසේම විසි වැනි ස්ථානය ප්‍රංශයේ බොර්ඩෙයුක්ස් වෙත හිමිව තිබේ.

Views: 0