Curtin Colombo වෙතින් මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා

Curtin Colombo ලාංකික සිසුන්ට විශිෂ්ටතම ඕස්ට්‍රේලියානු උපාධිලංකාවේ සිටම ලබා ගැනීමට හෝ පළමු වසර අධ්‍යයනයෙන් පසු ඕස්ට්‍රේලියාවේදී සිය උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ සිටම සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට හැකි වීම මඟින් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා වැයවන පිරිවැයෙන් 70% දක්වා ඉතිරි කර ගැනීමට සිසුන්ට හැකියාව ලැබෙන අතර ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලංකාවේදීම ලබා දීමට Curtin Colombo අවස්ථාව සලසා දෙයි.

Curtin Colombo කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති පුළුල් අධ්‍යයන වැඩසටහන් මාලාවක් හඳුන්වා දී ඇති අතර ඉංජිනේරු ක්ෂේත්‍රයට වැඩි විශේෂත්වයක් ලබා දී තිබේ. මේ යට‌තේ,

සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු (Civil and Construction Engineering), විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු (Electrical and Electronic Engineering)සහ යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලා (MechanicalEngineering and Mechatronics Engineering) ඇතුළත් වන අතර, පරිගණක ක්ෂේත්‍රය යටතේසයිබර් ආරක්ෂාව (Cyber Security), මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering), තොරතුරු තාක්ෂණය සහ පරිගණක පද්ධති සහ ජාලකරණය(Information Technology and Computer Systems & Networking) යන පාඨමාලා සියල්ල ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමේ අවස්ථාව ඇත. ව්‍යාපාර අධ්‍යයන (BBA) ක්ෂේත්‍රයට අදාළව ජාත්‍යන්තර කළමනාකරණය (International management),ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing), නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය (Innovationand Entrepreneurship) පිළිබඳ පාඨමාලා රැසක් ද හඳුන්වා දී ඇත.

ශිෂ්‍යත්වවරම් ලබා දීම සම්බන්ධයෙන් Curtin Colombo සිසුන්ට විවර කර දී ඇති අවස්ථා එහි විශිෂ්ටත්වය විදහා පාන තවත් එක් නිදසුනකි. සිසුන්ට ඔවුන්ගේ පළමු අධ්‍යයන වර්ෂය තුළ සියලුම වැඩසටහන් සඳහා 25%ක ශිෂ්‍යත්වයක්ලැබීමට අවස්ථාව හිමි වන අතර, ව්‍යාපාර පරිපාලන උපාධි වැඩසටහන (BBA) යටතේ විශිෂ්තම කුසලතා දක්වන සිසුන්ට පාඨමාලා ගාස්තුවෙන් 50%ක් දක්වා ශිෂ්‍යත්ව ලැබීමට අවස්ථාව සලසා දෙයි. 2024 ජූලි බඳවා ගැනීම් සඳහා ලියාපදිංචි වී ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමටCurtin Colombo සිසුන්ට ආරාධනා කරයි.

අංක 80, නවම් මාවත, කොළඹ 02 ලිපිනයේ පිහිටා ඇති නවීන පහසුකම්වලින් සමන්විත Curtin Colombo, නව්‍යකරණයේ සහ විශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද  ක්‍රියා කරන අතර, විවිධ පසුබිම්වලින් පැමිණෙන සිසුන්ට තම අධ්‍යාපනික සහ වෘත්තීය ඉලක්ක හඹා යාමට Curtin Colombo අවස්ථාව සලසා දෙයි.

සිසුන්ගේ දක්ෂතා පෝෂණය කිරීම, නවෝත්පාදනයට සහය වීම සහ දිනෙන් දින වර්ධනය වන ගෝලීය වෙළඳපොළ තුළ විශිෂ්ටතා දැක්වීමට සිසුන් සූදානම් කිරීම උදෙසා Curtin Colomboමැදිහත්ව සිටින අතරලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රවල විශේෂිත උපාධි පිරිනමමින්, උපාධිධාරීන්ට ඔවුන් තෝරාගත් ක්ෂේත්‍ර ඔස්සේඉදිරියට යාමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දීමට ද Curtin Colombo ඇපකැප වී සිටියි.

Views: 0