නැවුම් මුහුණුවරකින් යුත් sinhagiri.lk ඔන්ලයින් අලෙවිසැල නිල වශයෙන් එළිදකී

ශී‍්‍ර ලංකාවේ පාරිභෝගිකයින් වෙත විශිෂ්ඨතම ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සමීප කරවන සිංහගිරි (පුද්ගලික) සමාගම සිය ඔන්ලයින් අලෙවිසැල වන sinhagiri.lk වෙබ් අඩවිය ඉතා පහසුවෙන් පරිහරණය කිරීමට හැකි වන පරිදි නව මුහුණුවරකින් නැවත හඳුන්වා දී ඇත.

sinhagiri.lk වෙබ් අඩවිය වසර 10 කට අධික කාලයක් පුරා ඔන්ලයින් ක‍්‍රමවේදය ඔස්සේ විශ්වාසවන්තව ගණුදෙනු සිදු කරමින් සාර්ථකව ව්‍යාපාර කටයුතු වල නිරත වෙමින් සිටියි. උසස්ම තත්වයේ ලොව සුපතල නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත සමීප කරවීම සඳහා දිවයින පුරාම ආවරණය වන පරිදි ප‍්‍රදර්ශනාගාර ජාලයක් සහ විශිෂ්ඨ අලෙවියෙන් පසු සේවා ජාලයක් සිංහගිරි විසින් කි‍්‍රයාත්මක කර සිටියි.

සිංහගිරි වෙතින් 1000 ක් දක්වා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන මාදිලි ජාත්‍යන්තරව පිළිගත් වෙළඳනාමයන් වලින් වෙළඳපොලට හඳුන්වා දී ඇත.

අලූතෙන් හඳුන්වා දී ඇති sinhagiri.lk ඔන්ලයින් අලෙවිසැලට  ඕනැම අන්තර්ජාල උපාංගයක් හරහා පහසුවෙන් සම්බන්ධ විය හැකි අතර කිසිදු අවහිරතාවයකින් තොරව අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමේ හැකියාව ඇත. ඩිජිටල් අවකාශය තුල ඉතා පහසුවෙන් සහ වේගවත්ව අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමේ හැකියාව මෙහිදී හිමි වේ.

sinhagiri.lk වෙබ් අඩවිය ඔන්ලයින් මිල දී ගැනීම් ඉතා කාර්යක්‍ෂමව සිදු කර ගැනීමට හැකි වන පරිදි ඉතා විධිමත්ව නිර්මාණය කර ඇත. sinhagiri.lk ඔන්ලයින් ක‍්‍රමවේදය හරහා අවශ්‍ය භාණ්ඩය පහසුවෙන් තෝරා ගනිමින්, වෙන් කර ගනිමින්, සුරක්‍ෂිතව මුදල් ගෙවමින් සියලූ කටයුතු ඉතා විධිමත් ක‍්‍රමවේදයක් ඔස්සේ සිදු කර ගැනීමේ හැකියාව සලසා දී තිබේ.

2024 ජූලි 04 වනදා දක්වා sinhagiri.lk වෙබ් අඩවිය ඔස්සේ ඔන්ලයින් මිල දී ගැනීම් සිදු කරන පාරිභෝගිකයින්ට 40% දක්වා සුවිශේෂී වට්ටම් හිමිවනු ඇත. පළමු සති දෙක ඇතුළත සිදු කරන මිල දී ගැනීම් සඳහා විශේෂ වට්ටම් හිමිවන අතර ලැප්ටොප් සඳහා Bundle දීමනාවක්ද කි‍්‍රයාත්මකයි.

ඔන්ලයින් හරහා මිල දී ගන්නා නිෂ්පාදනය දිවයින පුරා  ඕනැම තැනකට නොමිලේ ප‍්‍රවාහනය කර දීමටද කටයුතු සලසා දී ඇත. තෝරා ගත් බැංකු සහ මූල්‍ය ආයතන වල ක්‍රෙඩිට් කාඞ් සඳහා වාරික ගෙවීමේ ක‍්‍රමයට ලබා ගැනීමේ හැකියාවද ඇති අතර Visa, Mastercard සහ American Express ආදියෙන් ගෙවීම් සිදු කළ හැක. බැංකු ගණුදෙනු ඔස්සේ මෙන්ම භාණ්ඩය ලැබුණු පසු ගෙවීම් සිදු කිරීමේ හැකියාවද සිංහගිරි වෙතින් සලසා දී ඇත.

නව මුහුණුවරකින් පාරිභෝගිකයින් වෙත සමීප වන www.sinhagiri.lk වෙබ් අඩවිය නිල වශයෙන් හඳුන්වාදීමේ අවස්ථාව සඳහා සිංහගිරි (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ නසීර් මජීඞ්, අධ්‍යක්ෂිකා චතුරිකා ද සිල්වා, අධ්‍යක්ෂිකා අනූෂා මාරසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී ලසන්ත අල්විස් මහතා ඇතුලූ පිරිසක් සහභාගී වුහ.

Views: 0