කොටස් ගනුදෙනු සඳහා CSE සමථකරණ ක්‍රියාවලිය කෙටි කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ ක්ෂේත්‍රයේ සහභාගීකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2024 ජූනි 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, කොටස් ගනුදෙනු සමථ දිනයන් T+3 සිට T+2 දක්වා අඩු කරන බව නිවේදනය කර සිටියි.

ගනුදෙනුවක් අවසන් වූ පසු ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර සුරැකුම්පත් සහ අරමුදල් හුවමාරු වන්නේ කවදාද යන්න තීරණය කරන නිසා කොටස් වෙළඳපොලේ සුමට හා කාර්යක්ෂම වෙළඳ ක්‍රියාවලීන් සහතික කිරීම සඳහා මෙම සමථ ක්‍රමවේදය  ඉතා වැදගත් වේ.

T+3 ක්‍රමය යටතේ, වෙළඳ දිනයට පසුව තුන්වන වෙළඳපල දිනයේ අරමුදල් පියවීම් සහ සුරැකුම්පත් හුවමාරුව සිදු වේ. T+2 චක්‍රයක් වෙත පිවිසීම මඟින් සියලුම කොටස් ගනුදෙනුවලට අදාළ සුරැකුම්පත් සහ අරමුදල් ගනුදෙනු ක්‍රියාත්මක කළ දින සිට දෙවැනි වෙළෙඳපොළ දිනයේදීඅවසාන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර හුවමාරුවීම සිදු වේ.

මෙම සමථ දිනයන් කෙටි කිරීම මගින් මෙහෙයුම් අවදානම්, ද්‍රවශීලතා අවශ්‍යතා, ආන්තික සහ ඇපකර අවශ්‍යතා අඩු කිරීමට හැකිවීම තුලින් වෙළඳපල කාර්යක්ෂමතාව වැඩි දියුණු වනු ඇත. මෙමගින් ආයෝජකයින්ගේ වර්ධනය ඇති වීමට අවස්ථාව උදාවේ,

වේගවත් පියවීම් ක්‍රමවේදයට  අවස්ථාව ලැබීම මගින් ඔවුන්ගේ අරමුදල් වඩාත් කාර්යක්ෂමව නැවත ආයෝජනය කිරීමට ඉඩ සලසයි, එමඟින් වෙළඳපල ද්‍රවශීලතාවය ද වැඩි වේ. තවද, මෙමගින් කොළඹ කොටස් හුවමාරුව ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ හොඳම භාවිතයන් සමඟ සම්බන්ධ වීමට ද උපකාරී වේ.

Views: 0