Sinopec මෙරට තුළ මෙහෙයුම් අරඹා වසරක් සපිරෙයි – නවීකරණය කළ පළමු පිරවුම්හල විවෘත කෙරේ

Sinopec Lanka Energy (Pvt) Ltd සමාගම ශ්‍රී ලංකාවට පිවිසීමේ පළමු සංවත්සරය සමරමින්, එහි ප්‍රථම නවීකරණය කළ  පිරවුම්හල විවෘත කිරීම අද දිනයේදී නවගමුවේ Trans Lanka Filling Station හිදී සංවිධානය කෙරිණි.

මෙම උත්සව අවස්ථාව සඳහා විදුලිබල සහ බලශක්ති රාජ්‍ය ඇමති ඩී.වී. චානක, චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් Tang He Li සහ තවත් ආරාධිතයන් පිරිසක් සහභාගි වී තිබේ.

Sinopec සමාගම මෙරට තුළ සිදු කරන ආයෝජනය යටතේ පිරවුම්හල් 150ක හිමිකාරීත්වය ලබා ගෙන තිබේ. ඒ අනුව Sinopec සමාගමේ නවීකරණ අදහස තුළ ඇතුළත් වන්නේ, බාහිර පෙනුම සහ පහසුකම් නවීකරණය කිරීම පමණක් නොව, මූලික නවීකරණයන් තුළින් ආරක්ෂක මීටරයන් දියුණු කරමින්, අඛණ්ඩ මෙහෙයුම සහ උසස්ම තත්වයේ ඉන්ධන සේවාවන්, ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණ ප්‍රමිතීන් අනුගමනය කිරීම එහි පරමාර්ථයයි.

මෙහිදී Sinopec සමාගම සතුව ඊළඟ වසර 3 තුළ තව පිරවුම්හල් 149ක් නවීකරණය කිරීමේ සැලැස්මක් පවතින බව පවසයි. එසේම තවත් පිරවුම්හල් 50ක් අලුකින් ඉදිකිරීම සඳහාද එම සමාගම බලාපොරොත්තුව සිටියි.

විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ නිපුණකම් වර්ධනය සඳහා ඉන්ධන පිරවුම්හලේ සේවකයින් සඳහා වෘත්තීය පුහුණුව සහ සුදුසුකම් ශ්‍රේණිගත කිරීමේ පද්ධතියක් ඉදිකිරීමටද සමාගම සැලසුම් කර ඇතැයි පවසයි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින Sinopec Energy Lanka සමාගමේ ප්‍රධාන කළමණාකාරීනි වං හයිනි, “බලශක්ති හා බලශක්ති අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයෙන් ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් කර්මාන්තයේ උසස් ප්‍රමිතීන් සංවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවට ස්ථාවර සහ සෞභාග්‍යවත් අනාගතයක් රැගෙන එන්නට Sinopec සමාගම කැපවී සිටිනවා.” යනුවෙන් පවසා සිටියි.

නව පිරවුම්හල ආරම්භ කිරීමෙන් පසු සයිනොපැක් එනර්ජි ලංකා සමාගම විසින් එහි අවට ජීවත් වන ගංවතුරෙන් පීඩාවට පත්වූ ජනතාවට ආහාර පාන සහ ජලය පරිත්‍යාග කිරීම සඳහා තීරණය කොට ඇතැයිද සඳහන් කර තිබේ.

Views: 0