යුනයිටඩ් මෝටර්ස් ලංකා වෙතින් කොටසකට රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම (UML.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම සඳහන් කර සිටියි.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙස සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 18 වැනිදා ප්‍රකාශ කර තිබේ. ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 01 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන් අනුමැතියක් හිමිවිය යුතුව ඇති බවත්, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 28 වැනිදා පැවැත්වෙන බවත් සමාගම පවසයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 70.90ක් ලෙස සටහන්ව තිබුණි. මෙය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 73.50ට සාපේක්ෂව රුපියල් 2.60ක එනම් 3.54%ක අඩුවීමකි.

Views: 0