කොමර්ෂල් බැංකුව සහ CBA එක්ව NFC තාක්ෂණය සහිත ලංකාවේ ප්‍රථම විකුණුම් යන්ත්‍ර හඳුන්වා දෙයි

මෙරට විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් ප්‍රමුඛ පෙළේ මූල්‍ය තාක්ෂණ විසඳුම් සමාගමක් වන Ceylon Business Appliances (CBA) සමග ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගෙවීම් භාර ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රථම විකුණුම් යන්ත්‍ර හඳුන්වා දී ඇත.

මෙම සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ තාක්ෂණික නවෝත්පාදනයන් වැළඳ ගනිමින් ‘Grab’it’ සන්නාමයෙන් ආසන්න ගෙවීම් සන්නිවේදන හෙවත් NFC තාක්ෂණය සහිත පූර්ණ ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර ශ්‍රී ලංකාව පුරා සවිකිරීමට අවකාශය ලැබේ. මෙම යන්ත්‍ර ස්පර්ශයෙන් තොර මෙන්ම සාමාන්‍ය ගෙවීම් කාඩ්පත් ද පිළිගනු ලබයි.

මෙවැනි තාක්ෂණික දියුණු තත්ත්වයක් පාරිභෝගික ක්ෂේත්‍රය වෙත පිරිනැමීම සඳහා ලාංකේය බැංකුවක් හා ෆින්ටෙක් සමාගමක් එක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම විකුණුම් යන්ත්‍ර කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගෙවීම් දොරටුව අනුමත වීසා, මාස්ටකාඩ්, යූනියන් පේ, ලංකා පේ සහ JCB කාඩ්පත් පිළිගනු ලබන්නේ CBA සපයන ලද නවීන IM30 පොයින්ට්-ඔෆ්-සේල් (POS) යන්ත්‍ර මගිනි.

මෙම නව තාක්ෂණික සංධිස්ථානය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා මෙසේ පැවසීය: “මෙම මුලපිරිම ලංකාවේ හා ඉන් ඔබ්බට බැංකු ක්ෂේත්‍රයේ නායකත්වය ශක්තිමත් කරමින් අති නවීන ගෙවීම් තාක්ෂණයක් හඳුන්වාදීමට හා උසස් පාරිභෝගික අත්දැකීමක් සැපයීමේ අපගේ අඛණ්ඩ උත්සාහයේ කොටසකි.”

“මෙම සංවර්ධනය පාරිභෝගික අත්දැකීම් නවීකරණයේ ඉදිරි පිම්මක් පමණක් නොව එයින් තිරසාරත්වයට දායක වන ස්පර්ශයෙන් තොර සාමාන්‍ය ගෙවීම් ප්‍රවර්ධනය කරන අතරම පාරිභෝගිකයන්ගේ ගනුදෙනු පහසුව වැඩිදියුණු කරයි.”

CBA හි විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රුවත් ප්‍රනාන්දු මහතා “අප දේශයේ පාරිභෝගික හා බැංකු ක්ෂේත්‍රය වෙත නව සංධිස්ථානයක් තබමින් මෙම පෙරළිකාර ව්‍යාපෘතියට කොමර්ෂල් බැංකුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණකි,” මෙම හවුල්කාරීත්වය තාක්ෂණික ඒකාබද්ධතාවයක් පමණක් නොව පාරිභෝගික ක්ෂේත්‍රයේ නව්‍ය ගෙවීම් විසඳුම් සඳහාද පුරෝගාමී වේ. එසේම විකුණුම් යන්ත්‍රවල වේගවත් ගෙවීම්, ආරක්ෂාව සහ පාරිභෝගික පහසුව සඳහා සැලකිය යුතු ඉදිරි පිම්මක් ද නියෝජනය කරයි.”

Views: 0