Castrol හි 125 වැනි සංවත්සරය වෙනුවෙන් Associated Motorways සිය ගෞරවය පුදකරයි

BP සමූහයට අයත්, ගෝලීය ලිහිසි තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Castrol ලිහිසි තෙල් ශ්‍රී ලංකාව තුළ බෙදාහරින එකම නියෝජිත ආයතනය වන Associated Motorways (Private) Limited විසින් Castrol හී 125 වැනි සංවත්සරය පසුගියදා සමරා තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව හරහා Castrol සන්නාමයේ ප්‍රබලත්වය සහ ගෞරවනීය බව ද මැනවින් ප්‍රදර්ශනය වන අතර අඛණ්ඩ නවෝත්පාදනය සහ කැපවීම ඔස්සේ ලිහිසි තෙල් කර්මාන්තයේ විශිෂ්ටත්වය වෙනුවෙන් එය දක්වන දායකත්වය ද ඉස්මතු කරන බව එම සමාගම පවසයි.

එමෙන්ම AMW සහ Castrol අතර දිගුකාලීන සබැඳියාව පසක් කරමින් එම ආයතන ද්විත්වයෙහි හවුල්කා‍රීත්වයේ 25 වැනි සංධිස්ථානය වෙත ද ප්‍රවිෂ්ට වී ඇත.   ඒ ඔස්සේ එම හවුල්කාරිත්වයේ සවිමත් බව පිළිබඳව මෙන්ම මෙරට පාරිභෝගිකයා වෙත උසස් තත්ත්වයේ ලිහිසි තෙල් පිරිනැමීම වෙනුවෙන් ඔවුන් සතු දැක්ම පිළිබඳව ද කදිම සාක්ෂියක් සපයයි.

125 වැනි Castrol සංවත්සර සැමරුම වෙනුවෙන් ‘Onward, Upward, Forward’ලෙසින් නව උපායමාර්ගික දැක්මක් හඳුන්වා දී ඇත. ලොව පුරා සිටින සිය පාරිභෝගිකයන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතාවන් සපුරාලීම මෙම සියලුම ප්‍රවේශයන්හි මූලික අරමුණ වේ. මෙම 125 වැනි සුවිශේෂී සැමරුම වෙනුවෙන්  විශේෂ සමරු ලාංඡනයක් ද නිර්මාණය කර ඇති අතර  එය 2024 වසර පුරාවට යෙදී තිබෙන විශේෂ අවස්ථාවන්වලදී  සහ අනුග්‍රහකත්වයන්වලදී  ප්‍රදර්ශනය කරනු ඇත.

මෙම උපායමාර්ගික දැක්ම යටතේ Castrol පිළිබඳ ප්‍රධාන උපායමාර්ගික කරුණු  තුනක් කෙරෙහි අවධානය යොමු කෙරේ. ඒ අනුව අභ්‍යන්තර දහන සහ දෙමුහුන් වාහන සඳහා පවතින ඉල්ලුම අවබෝධ කරගනිමින් විද්‍යුත් වාහන සඳහා උසස් තත්ත්වයේ Castrol ON EV ලිහිසි තෙල්  ‘Onward’ යටතේ හඳුන්වා දී ඇත. සියලුම වාහනවල කාර්යක්ෂමතාවය සහ නවෝත්පාදනය වෙනුවෙන් සමාගම මනා කැපවීමකින් කටයුතු කරයි. 

‘Upward’ යටතේ, මෝටර් රථ, රොබෝ තාක්ෂණය සහ සුළං වැනි අංශ හරහා Castrol කාර්මික පාරිභෝගිකයින්ට සහය දක්වනු ඇත. තවද ,SKF සමඟින් ‘Oil as a Service’ වැනි සේවාවන් පිරිනමමින්  කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට සහ සිය සේවාවන්  ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු  කර ඇත.

මෙහි අවසාන කරුණ වන ‘Forward’ මඟින් අනාගත සාර්ථකත්වය සඳහා කාර්යක්ෂමතාව සහ තිරසාර බව අවධාරණය කරමින් තාප කළමනාකරණය සහ දත්ත මධ්‍යස්ථාන  සිසිල් කිරීමේ ක්‍රමවේදයන් වර්ධනය කිරීම ඉලක්ක කර ගෙන තිබේ.

Associated Motorways (Private) Limited හී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre Bonthuys මහතා මෙම දිගුකාලීන හවුල්කාරිත්වය පිළිබඳ සඳහන් කරමින් මෙසේ පැවසුවේය. “Castrol හි 125 වැනි සංවත්සරය වෙනුවෙන්  මගේ හදපිරි  සුබ පැතුම්  පුදකරනවා.  අප සමාගම සහ Castrol අතර  වසර 25ක් පුරාවට පවත්වාගෙන පැමිණි සහයෝගීතාවයේ ගමන එකිනෙකා අතර සාර්ථකත්වය බෙදාගත් දිගු කාලීන ගමනක් මෙන්ම නවෝත්පාදනය පිළිබඳ කදිම අවස්ථාවක් ද වුණා. ඉදිරි වසරවලදී ද මෙම හවුල්කාරිත්වය දිගටම පවත්වාගෙන යාමට අපි අපේක්ෂා කරනවා.”

Castrol සිය නවෝත්පාදනය සහ තිරසාරභාවය පිළිබඳ මීළඟ පරිච්ඡේදය ආරම්භ කරන විට AMW විසින් Castrol හි දැක්ම සඳහා සහයෝගය දැක්වීම සහ දිවයින පුරා සිටින පාරිභෝගිකයන් වෙත විශිෂ්ටත්වය ලබා දීම වෙනුවෙන් තම සමාගමේ  කැපවීම යළිත් වරක් මැනවින් පසක් කර ඇත.

Views: 0