මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාත පවතින මට්ටමේම පවත්වාගෙන යයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාත පවතින මට්ටටේම පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි පවසයි.  

ඊයේ (28දා) දිනයේදී රැස්වුණු මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩල හමුවේදී ගනුලැබූ එකඟතාවකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පොළී අනුපාතය මෙතෙක් පැවැති 8.50% මට්ටමේත්, නිත්‍ය ණය පහසුකම් පොළී අනුපාතය 9.50% මට්ටමේත් පවත්වාගෙන යන බව මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම වර්තමාන සහ අපේක්ෂිත සාර්වආර්ථික අවස්ථාවන් සහ දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික කාරණාවන්හි පවතින අවදානම් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබේ. 

එසේම මේ හරහා උද්ධමන ඉලක්කය කෙටිකාලීනව 5%ක මට්ටමකින් පවත්වාගෙන යාමේ අපේක්ෂාවද මහ බැංකුව සතු බව පවසයි. ඒ අතරතුරදීම ආර්ථිකයට එහි උපරිම තත්ත්වයට ළගාවීම අවස්ථාව ලබා දෙන බවත් මෙහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

Views: 0