App එකෙන් Job දෙන අලුත්ම සගයා “Worky” එළිදකියි

මෙරට රැකියා ක්ෂේත්‍රයට නවීන අත්දැකීමක් එකතු කරමින් ‘Worky’ නමින් පෙරළිකාර ජංගම වෙබ් වේදිකාවක් පසුගියදා දියත් කෙරිණි.

මෙම නව ජංගම යෙදවුම හරහා සේවා පහසුකම් සපයා ගන්න්නට සොයන්නන්, රැකියා අවස්ථා සොයන්නන්, කුලී පදනම මත සේවා සපයන්නන්, අර්ධ කාලීන සේවා සැපයුම්කරුවන් මෙන්ම සිසු සිසුවියන් ගේ අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් දැනුම සම්පාදනය කරන්නන් දක්වා කොයි කාටත් ඉතාමත් පහසුවෙන් විශ්වසනීයව අවශ්‍යතා සපුරා ගත හැකිය.

ඒ අනුව මෙම ‘Worky’ ජංගම යෙදවුම හරහා ඔබ ආසන්නයෙන්ම ඔබේ අවශ්‍යතාව සපුරාලිය හැකි සේවා සම්පාදකයාව සොයා දෙනු ඇත.

‘Worky’ ජංගම යෙදවුමේ ලියාපදිංචි වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර ලැබෙන ප්‍රතිලාභයන් ඉතා විශාලය. ‘Worky’ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට රැකියා සොයා ගන්නට ඇති වර්තමාන ඉඩකඩ හා ප්‍රවණතා වෙනස් කරමින් ජාත්‍යන්තර තලයේ විසඳුමක් සමගින් විප්ලවීය වෙනසක් කිරීමට සූදානමින් සිටී.

පුළුල් පරාසයක සේවා හරහා ක්ෂණික විසඳුම් සඳහා ‘Worky’ ජංගම යෙදවුම පහසුකම් සපයයි. ජලනල කාර්මිකයන් සහ වඩු කාර්මිකයන් වැනි සාම්ප්‍රදායික භූමිකාවන්හි සිට සුරතල් සුනඛයින් ඇවිද්දවීම, සත්ත්ව අලංකරණ කටයුතු කිරීම , සුරතල් සතුන් රැකබලා ගැනීම වැනි නව යුගයේ රැකියා කාර්යයන් දක්වා ‘Worky’ ශ්‍රී ලාංකේය ගෘහයන්හි විවිධ අවශ්‍යතාවලට සෘජුවම ආමන්ත්‍රණය කරමින් විවිධ රැකියා අවස්ථා රැසක් සපයයි.

සිය වෘත්තිමය හැකියාවන් හරහා තම ආදායම් මාර්ගය ශක්තිමත් කර ගන්නටත් පළපුරුද්ද , හැකියාව මත සපයන සේවාව ජාත්‍යන්තර තලයේ වෘත්තීයමය භාවයකින් සපයන්නටත් ශ්‍රී ලංකාවේ නානා විධ රැකියා ක්ෂේත්‍රයන් හී මෙන්ම සේවාවන් හී විශිෂ්ටත්වය උසස් අන්දමින් පාරිභෝගික ජනතාවට සමීප කරවන්නටත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පසුබෑම හමුවේ තම ජීවිතය පවත්වා ගැනීමට වෙර දරන කාටත් ‘Worky’ බලාපොරොත්තුවේ ආලෝකයක් ලබා දෙයි.

අර්ධකාලීන රැකියා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමෙන්, මෙම තක්ෂණික වේදිකාව රැකියා අවස්ථා සොයා ගැනීමට පමණක් නොව රට පුරා ඵලදායිතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇත.

Views: 0