කොළඹ වරාය නගරයෙන් දෙස් විදෙස් ආයෝජකයින්ට ආරාධනා

ශ්‍රී ලංකාවේ මීළඟ ගෝලීය ආයෝජන ගමනාන්තය බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙනකොළඹ වරාය නගරවිශේෂ ආර්ථික කලාපය,ශක්තිමත් ආයෝජක යාන්ත්‍රණයක් ඔස්සේවිවිධ සමාගම්වලට තම ව්‍යාපාර සංවර්ධනයට අවස්ථාව සලසා දී තිබේ.

කොළඹ වරාය නගරය අනාගත ශ්‍රි ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය මෙන්ම  ආයතනික සබඳතා සඳහා ලෝක මට්ටමේ මධ්‍යස්ථනයක් බවට පත්කරගැනීමේ මූලික අරමුණ පෙරදැරිව, සාම්ප්‍රදායික නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරමින්,  සේවා අපනයනය සඳහා යොමු වූ සමකාලීන පද්ධතියක් දක්වා ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීම මේ ඔස්සේ සිදු කෙරේ.

ඒ හරහා විදෙස් මුදල් ඒකක දහසයක් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව, ප්‍රාග්ධනය සහ ලාභය නැවත ගෙන්වා ගැනීම, විදෙස් හිමිකාරිත්වය ඇතුළු 100% උපාය මාර්ගික වැඩසටහන් සමගින්කොළඹ වරාය නගරය, ජාත්‍යන්තර ව්‍යාපාර වෙත ආයෝජනය කිරීමට සහඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය හිතකර කොන්දේසි සපයන අතර ම, රැකියා උත්පාදනය වැඩි කිරීමට අවශ්‍ය පියවර ද ගනු ලබයි.

මේ ගන්නා වූ සෑම පියවරකින් ම කොළඹ වරාය නගරය අරමුණු කරන්නේ, තොරතුරු තාක්‍ෂණය, සැපයුම්, වාණිජ සේවා සහ තවත් බොහෝ දේවල සමකාලීන ප්‍රවණතා මෙහෙයවමින්, ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනයට දායක විය හැකි ප්‍රධාන ව්‍යාපාරික ආයෝජන භාවිතා කොට විදේශ විනිමය රට තුළට ගලා ඒම වර්ධනය කිරීමයි.

කොළඹ වරාය නගරය, සෘජු විදේශ ආයෝජන ගලා ඒම කෙරෙහි අවධානය යොමු කරමින්,වාණිජ ආයතන දිරිගැන්වීම සඳහාසුදුසුකම් සපිරූ බලයලත් පුද්ගලයන් (Authorized Persons – AP’s) ලෙස නම් කර ඇති උපායමාර්ගික වැදගත්කමකින් යුතු ව්‍යාපාර (Businesses of Strategic Importance – BSI) වෙනුවෙන් විශේෂ අවස්ථා සලසා දෙයි.කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ සිදුකරනව්‍යාපාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු නියාමනය සහ පරිපාලනය සිදු වන්නේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මගිනි.

මූලෝපායික වැදගත්කමකින් යුතු ප්‍රාථමික ව්‍යාපාර ලෙස හදුනාගත් සමාගම්වලට දේපළ වෙළඳාම්, සමාජ යටිතල පහසුකම් හෝ වාණිජ දේපළ සංවර්ධනය පිළිබඳව තමාට ඇති උනන්දුව ප්‍රදර්ශනය කිරීම මෙහිදී අත්‍යාවශ්‍ය වන අතර, ඒ වෙනුවෙන් අවම වශයෙන් එක් භූමි කැබැල්ලකට ඩොලර් මිලියන 100 ක හෝ සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් ඩොලර් මිලියන 25 ක අවම ආයෝජන සීමාවන් සපුරාලීමට සිදුවේ.

මෙහි මෙහෙයුම් කටයුතු සිදුකිරීමට උනන්දුවක් දක්වන ආයතන,උපායමාර්ගික වැදගත්කමකින් යුතු ද්විතීයික ව්‍යාපාරයන් ලෙස සුදුසුකම් ලැබීමටපහත සඳහන් නිර්ණායකයක අතරින් එකක් හෝසපුරාලීමසිදුකළ යුතුය. එනම්, වාර්ෂික ගෝලීය ආදායම ඇ.ඩොමිලියන 50 ට වැඩි,මෙහෙයුම් ආරම්භ වූ දිනයේ සිට වසර පහක කාලයක් ඇතුළත අවම වශයෙන් සේවකයින් 100 ක්හෝ ඇ.ඩො500,000ක තක්සේරුගත ව්‍යවසායක ව්‍යාපාරයක් විය යුතුය.

මෙම ව්‍යාපාර ගෝලීය සහ කලාපීය ආර්ථික ක්‍රියාකාරකම්, තොරතුරු තාක්‍ෂණය, නාවික ප්‍රවාහන සේවා, සංචාරක/ආගන්තුක සත්කාර සහඅනුබද්ධිත සේවා යනාදී කටයුතුවල නියැළෙමින් ශ්‍රී ලංකාවේ සමාජ හා වාණිජ ප්‍රගමනය සඳහා සිය දායකත්වයක් ද සැපයීම සිදුකළ යුතුය.

ශ්‍රී ලංකාව ව්‍යාපාර සහ නවෝත්පාදන සඳහා ප්‍රධාන ගමනාන්තයක් බවට ප‍රිවර්තනය කිරීමේ දිගුකාලීන දැක්ම ශක්තිමත් කරමින්, කොළඹ වරාය නගරව්‍යාපෘතියේ ඇති බහු ආංශික අවස්ථා හරහා ගෝලීය සහ කලාපීය ආයෝජන ලබාගැනීමට ඔවුන්ගේ ඇති සූදානම මෙමගින්මනාව පෙන්නුම් කරයි.

Views: 0