“Starlink” අන්තර්ජාල සේවාව පිළිබඳ සාකච්ඡාවට ජනපති සහ ඊලොන් මස්ක් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් අතර හමුවක් අද දිනයේදී සිදු වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව මෙම හමුව පැවැත්වී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ “Starlink” චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳව දෙදෙනා අතර සාකච්ඡා පැවැත් වී ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා, ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බවද පවසා තිබේ.

ඉන්දුනීසියාව තුළ මෙම Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාව සඳහා සහභාගිවීමට ඊලෝන් මස්ක් මෙලෙස එරට වෙත පැමිණ තිබේ.

Views: 0