ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් සරල කිරීමට SriLankan Cargo හා CargoAi එක්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල් පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන CargoAi සමඟ එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් වෙන්කරවා ගැනීම් සහ ගෙවීම් ක්‍රියාවලීන් සරල කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය (SriLankan Cargo), CargoAi ඩිජිටල් පද්ධතිය හා ඒකාබද්ධ කිරීම මඟින් පාරිභෝගිකයින් හට  අන්තර්ජාලය හරහා වෙන්කරවා ගැනීම් සහ ගෙවීම් හැකියාවන් සඳහා ප්‍රවේශය ලැබෙන අතර, මේතුලින්  ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ මෙහෙයුම් පුළුල් කිරීමටත්  කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුලින්  වඩාත් හොඳ සේවාවක් ලබාදීමටත් හැකියාව ලැබේ.

බහුවිධ ගෙවීම් ක්‍රම හඳුන්වා දීම ,මූල්‍ය ගනුදෙනුවල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මගින් ගෙවීම් ක්‍රියාවලීන් විධිමත් කෙරේ. මීට අමතරව, CargoAi හි CargoWALLET පහසුකම ඇතුලු තවත් ඩිජිටල් පහසුකම් රැසක් පාරිභෝගිකයින් හට හඳුන්වාදීමට නියමිතයි.

එමෙන්ම බැංකු ඇපකරයක් සැපයීමට හෝ වාර්ෂික දායක මුදල් ගෙවීමට අවශ්‍ය නොවන අතර CargoMART පහසුකම මගින් සංකීර්ණතාවලින් තොරව හා පොදු කාර්ය පිරිවැය අඩු කිරීම තුලින් ගුවන් භාණ්ඩ ප්‍රවාහනකරුවන්ට කාර්යක්ෂමව සිය මෙහෙයුම් කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව හිමි වේ.

“CargoAi සමඟ අපගේ හවුල්කාරිත්වය අපගේ ඩිජිටල්කරණ ගමනේ තවත් වැදගත් ස්ථානයක් සනිටුහන් කරනවා. විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙන්ම අපගේ පාරිභෝගිකයින් හට ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් කලින් වෙන්කරවා ගැනීමේ නව අත්දැකීම ලබා දීමට අපට හැකි වෙනවා. CargoAi  හා එක්ව  අපගේ වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමටත් පාරිභෝගිකයන් වෙත හොඳ සේවාවක් ලබාදීම අපගේ අරමුණයි. ” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසී ය.

“ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo) සමඟ ඇතිකර ගත් අපගේ සහයෝගීතාවය ,ගුවන් භාණ්ඩ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ අපගේ මෙහෙවරේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. ක්‍රියාවලි ක්‍රමවත් කිරීමට සහ පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට තාක්ෂණය උපයෝගී කරගනිමින්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ වඩාත් කාර්යක්ෂම සහ තිරසාර අනාගතයක් සඳහා පහසුකම් සැලසීම අපගේ අරමුණයි. ” CargoAi හි ප්‍රධාන විධායක නිලධාරී Matt Petot මහතා නව හවුල්කාරිත්වය පිළිබඳව සිය සතුට පළ කරමින්  පැවසී ය. 

මෙම හවුල්කාරිත්වය මගින් සිය පාරිභෝගිකයින්ට කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම සඳහා ඉදිරියේ දී තවත් පහසුකම් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.

Views: 0