කොළඹ ගුවන් සංදර්ශනය සහ ප්‍රදර්ශනය ලබන වසරට කල් යයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 73 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ලබන මැයි 29 වැනිදා සිට ජූනි 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ Colombo Air Show and Defense Exhibition 2024 ගුවන් සංදර්ශනය සහ ප්‍රදර්ශනය කල්දැමීමට තීරණය කර ඇතැයි ගුවන් හමුදාව පවසයි.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 26 වැනිදා සිට මාර්තු 02 වැනිදා දක්වා මෙම ගුවන් සංදර්ශනය සහ ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව තිබේ.

කොළඹ ගාලු මුවදොර මූලික කරගනිමින් සංවිධානය කෙරෙන මෙම ගුවන් සංදර්ශනය සඳහා ලොව රටවල් කිහිපයකම ගුවන් හමුදාවන් සහ ගුවන් ආරක්ෂක කර්මාන්තයේ නිරත වන්නන් ඇතුළු පිරිස් විශාල පිරිසක් සහභාගිවීමට නියමිතව තිබුණි.

මෙහිදී ප්‍රදර්ශනය සඳහා වැඩි ජාත්‍යන්තර ප්‍රදර්ශකයන් පිරිසකගේ සහභාගිත්වය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම අනුව මෙලෙස Colombo Air Show and Defense Exhibition 2024 ගුවන් සංදර්ශනය සහ ප්‍රදර්ශනය ලබන වසර දක්වා කල්දැමුණු බවත් ගුවන් හමුදාව සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරයට සමගාමීව මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇතැයි සදහන් වෙයි.

Views: 0